06

1K 201 280
                                    

වෙලාව රාත්‍රී දහයයි.

දර්ශණීය දිය ඇල්ල අද්දර ගල්තලාවෙ ජන්ග්කුක් සුපුරුදු පරිදි එයාගෙ දුක වේදනාව හෙගම් වාදනය සමඟ මුසු කරමින් පරිසරයට මුදා හරිමින් හිටියා.

එයාගෙ ඇස් පියවිලා තිබුනා.

ඇඟිලි තත් වල මනාව හසුරුවමින් සංගීතය වාදනය කලත් එයාගෙ මනස දිවගොස් තිබුනෙ අතීතයට.

කවුරුත් නොදන්න ඒ අතීතයේ ජන්ග්කුක් මේ මොහොතේ ජීවත් වෙමින් හිටියා. එයා ටික ටික අතීතයෙන් ඉදිරියට සිහි කලා.

වයස අවුරුදු දහඅට ලැබුවම දෙමුහුන් ජීවියෙක් වුනත් එයා හිතුවා එයාටත් මේට් කෙනෙක් ඉඳීවි කියලා. එයාගෙ මේට්ව මුනගැහෙනකන් ජන්ග්කුක් ආසාවෙන් බලන් ඉඳපු විදිහ එයාට මතක් වුනා. තරුණ ඔමේගා දන්නෙ නෑ එයාගෙ මේට් කවුරු වෙයිද කියලා, මොන වර්ගෙක කෙනෙක් වෙයිද කියලා. ඒත් එයා හැමදාම ආස කලේ එයාගෙ මේට් ඇල්ෆා කෙනෙක් වෙන්න කියන එක.

එයාව ආදරෙන් බලාගන්න, එයාව හැම කරදරයකින්ම ආරක්ෂා කරන ශක්තිමත් ඇල්ෆා කෙනෙක්වයි ජන්ග්කුක් එයාගෙ මේට් විදිහට මනසින් පුංචි කාලෙ ඉඳන්ම මවා ගත්තෙ.

එයා දෙමුහුන් ජීවියෙක් වුනත් එයාගෙ හිතේ අහිංසක ආසාවක් තිබුනා එයාගෙ ඇල්ෆාගෙ පැටවුන් කුස දරාගෙන, ඔවුන්ව බිහිකරලා පෝෂණය කරමින් ආදරෙන් රැකබලාගෙන, ලස්සන පවුලක් විදිහට එයාගෙ ඇල්ෆා එක්ක සතුටින් ජීවත් වෙන්න.

ඉතින් ටේහ්‍යුන් විතරක් නෙමෙයි, ජන්ග්කුක් පවා එයාගෙ මේ ගෙවුනු අවුරුදු දහය තුල එයාගෙ නොදන්නා ඇල්ෆාට ආදරේ කලා.

ඒත් ටේහ්‍යුන් වගේ නෙමෙයි, ගෙවෙන අවුරුද්දක් අවුරුද්දක් පාසා ජන්ග්කුක් එයාගෙ බලාපොරොත්තු බිඳ දමමින් හිටියා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. එකක්, දෙමුහුන් ජීවියෙක් වුනු එයාට කිසිම වෘකයෙකුගෙ හෝ වැම්පයර්වරයෙකුගේ ඉවක් නොදැනීම. ඒ නිසා එයාට තනියම එයාගෙ මේට්ව හොයාගන්න හැකියාවක් නෑ. දෙවනි එක, එයා දෙමුහුන් ජීවියෙක් කියන එකට එයාගෙ මේට්ගෙ ප්‍රතිචාරය ගැන තිබුනු බිය.

මොකද වෙන්නෙ මේට් එයාව ප්‍රතික්ෂේප කලොත්? නැතිනම් මරණ දණ්ඩනයට පැමිණෙව්වොත්?

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now