07

951 188 323
                                    

දවස් දෙකක් ගෙවී ගියේ අධික රෝගීන් ප්‍රමාණයක් නිසා ජන්ග්කුක් කාර්යබහුල වෙද්දි. ටේහ්‍යුන් කිව්වත් රාජකීය වෙදදුරාගෙ උදව් ගන්න කියලා ජන්ග්කුක් ඒකට කැමති වුනෙත් නෑ.

ඉතින් ඒ දින දෙක ඔහේ ගලාගෙන ගියා.

ආයිත් ජන්ග්කුක්ට නිදහස් වෙලාවක් ලැබුනේ ඊට පස්සෙ දවසෙ.

"අද ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ?" අධිරාජ්‍යයා උද්‍යෝගයෙන් අහද්දි ජන්ග්කුක් අපහසුවෙන් කෙළ ගිල්ලා.

"ක්-කොහෙද ඔයාට යන්න ඕනෙ?" ජන්ග්කුක් ඇහුවා.

"මං ඉතින් මේ ප්‍රදේශෙ ගැන දන්නෙ නෑනෙ ජන්ග්කුක්. ඔයා කැමති දිහාවකට මාව එක්කගෙන යන්න." ටේහ්‍යුන් කිව්වා.

"හරි, අපි යමු." ජන්ග්කුක් යන්තම් හිනාවෙලා කිව්වම ටේහ්‍යුන් සතුටින් හිනා වුනා.

ගම ඇතුලෙ තවත් පෙන්නන්න දෙයක් ඉතුරුව නොතිබුනු නිසා ජන්ග්කුක් හිතුවා ටේහ්‍යුන්ව කැලයට එක්කන් යන්න.

ඒත් මේ වතාවෙ වටේපිටේ කිසිම කෙනෙක් නොමැති වීම ජන්ග්කුක්ගෙ මනසට එකේක විකාර ගේන්න සමත් වුනා.

"නෑ එහෙම මුකුත් වෙන්නෙ නෑ. මොක උනත් මොකද එයා මගෙ මේට්නෙ?"

ජන්ග්කුක් තනියම හිතමින් කැලේ මැදින් දිගටම ගමන් කලා. ටිකකින් එයාට අදහසක් ආපු නිසා යන්න හිතපු දිශාව මගහරිමින් වෙනත් දිශාවකට පිය නැගුවා.

"කොහෙද අපි යන්නෙ?" ටේහ්‍යුන් ඇහුවේ ජන්ග්කුක් පසුපස යමින්. ඒත් ජන්ග්කුක් ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ.

තවත් යාර කිහිපයක් ඉදිරියට ගියහම ටේහ්‍යුන්ව පුදුම කරමින් එයාලා අවතීර්ණ වුනේ ලස්සන පරිසරයකට.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now