08

964 182 185
                                    

"ඔයා දැන්වත් මගෙ අත දෙනවද?"

ජන්ග්කුක් ඇහුවේ අද දවසම එයාගෙ අත අතනොහරින ටේහ්‍යුන්ගෙන්. රෑ බෝ වෙලා තිබුනු යාමයේ දෙන්නා එක්කම ජන්ග්කුක්ගේ නිවසට ගමන් කරමින් හිටියේ එකිනෙකාගෙ අත් අල්ලන්- නෑ ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත අල්ලන්.

"තව ටික දුරකින් මිනිස්සු ඉන්නවා. මගෙ අත දෙන්න~" ජන්ග්කුක් මූන හකුළන් කිව්වම ටේහ්‍යුන් හිනා වුනා.

"ඉතින් එයාලා දැකපුවාවෙ මේ අතේ අයිතිකාරයා කවුද කියලා." ටේහ්‍යුන් ආඩම්බරෙන් කිව්වා.

"ඒ උනාට මං කැමති නෑ වෙන අය ඉස්සරහා ඔයා මාව ස්පර්ශ කරනවා දකින්න." ජන්ග්කුක් එයාගෙ අලුත් අකමැත්ත කිව්වම ටේහ්‍යුන් කටකොනකින් හිනා වුනා.

"ඒ ඇයි?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් එයා දිහා බැලුවා.

"ඒක අපි දෙන්නා අතර විතරක් තියෙන කාරණාවක්. අනිත් අය දැනගත යුතු නෑ?" ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිස වැනුවේ හිනාවෙමින්.

ඊළඟට එයා ජන්ග්කුක්ගේ අත එයාගෙ පපුවට තුරුලු කරගත්තම එකපාරටම සිදු වුනු දෙයින් ජන්ග්කුක්ට පුංචි ලැජ්ජාවක් දැනුනා.

"ම්-මොකද කරන්නෙ මෙහෙ දෙන්න මගෙ අත." කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් අත මුදවගන්න උත්සාහ කලත් ටේහ්‍යුන් ක්ෂණිකයෙන් ඒ අත තදින් ඇද්දම එයාගෙ ඔමේගා එයාගෙ පපුවටම ඇවිත් හේත්තු වුනා. ඒ අවසරයෙන් ටේහ්‍යුන් එයාගෙ නිදහස් අත ඔමේගාගෙ ඉනවටා ගෙනයමින් ඔමේගාට එයාගෙන් මිදෙන්න අවසර නොදුන්නා.

ජන්ග්කුක්ගේ බෝල ඇස් ටේහ්‍යුන්ගේ සරාගී ඇස් එක්ක මුනගැහිලා තිබුනා. ජන්ග්කුක්ගේ ගැහෙන හදවතේ වේග රිද්මය ටේහ්‍යුන්ගේ පපුවට දැනෙන තරමට එකිනෙකාගෙ ශරීරයන් ඇලිලා තිබුනා.

"මං දැන් ඔයාගෙ අත විතරක් නෙමෙයි ඔමේගා, ඉනත් ස්පර්ශ කලා. ඔයා මගෙ ස්පර්ශයන්ට දැන් විරුද්ධ නෑ?" ටේහ්‍යුන් එයාගෙ ගැඹුරු හඬින් මිමිණුවම ජන්ග්කුක්ගේ කන් රතු වීගෙන ආවා.

ඊළඟට ටේහ්‍යුන් හිමින් ජන්ග්කුක්ගේ මූන දෙපස කඩා හැලෙන කෙහෙ රැල්ලේ උඩ ඉඳන් පහළටම ඇඟිල්ල ගෙනයමින් ඒ මුහුණේ සුන්දරත්වය වින්දා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now