09

950 195 198
                                    

"අධිරජුනි!"

එහෙම කියාගෙන වැම්පයර් අධිරජු ගාවට එක වැම්පයර් සේවකයෙක් පැමිණියා.

"අධිරජුනි, අපේ පිරිස කිම් අධිරාජ්‍යයා අතින් මිය ගිහින්."

සේවකයාගෙ ප්‍රකාශයෙන් වැම්පයර් අධිරජුගෙ ඇස් කෝපයෙන් දිලුනා.

"මොකක්?!" අධිරජු කෝපයෙන් කෑගහගෙන සිංහාසනෙන් නැගී සිටියා.

"මොකද්ද සිද්ද වෙලා තියෙන්නෙ කියලා පැහැදිලිව කියපන්!" අධිරජු සේවකයා දිහා බලන් ගිගිරුවා.

"අපේ අය ගමට ගිනි තියලා. හේතුවක් හිතාගන්න බෑ අධිරජුනි. ගමට ගොඩක් ඈතින් ඔවුන්ව මරා තිබූ දැමූ තැන තවමත් පවිත්‍ර රුධිර වෘක ගන්ධය තියෙනවා. ඒ කිම් අධිරාජ්‍යයා."

සේවකයා කිව්වම අධිරජුගෙ හකු එකට තද වුනේ දැනුනු කේන්තියට. ඒ එක්කම අධිරජුගෙ මූනෙ මේ පුවත පිළිබඳ කුතුහලයක් වගේම ව්‍යාකූලත්වයක් ඇඳිලා තිබුනා.

"අපෙ උන් අර දෙමුහුන් ජීවියව හොයාගත්ත නිසාවත්ද ගමට ගිනිතිබ්බෙ? ඒත් ඇයි මෙතනට කිම් අධිරාජ්‍යයා මැදිහත් උනේ?" කිව්ව අධිරාජ්‍යයා සේවකයා දිහා බැලුවා.

"තව ඒ ගැන විස්තර හොයපන්. විශේෂයෙන් කිම් අධිරාජ්‍යයා ගැන ඇහැගහගෙන හිටපන්."

"එහෙමයි!"

* * * * * * *

දින දෙකකට පසු

"යුවරජුනි, රිදී ආයුධ තොගයක් නිපදවීමට අවසර ලබාදෙන්න. අවසාන වශයෙන් අප රිදී ආයුධ නිපදවූවේ පෙර අධිරජ සමයෙ. නැවතත් අපිට ඒවායේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා."

රාජසභාවේ අමාත්‍යවරයෙක් කිව්වම ඉහළ දෙවන අසුනේ හිඳ සිටි යොන්ජුන් යුවරජතුමා ව්‍යාකූල වුනා.

"ඒ කුමකටද?"

"වැම්පයර්වරුන්ගේ ප්‍රහාරයන්ගෙන් වැළකීමට සාමාන්‍ය ජනතාවට ඒවා අවශ්‍යයි යුවරජුනි. රිදී වැම්පයර්වරුන්ගෙ එක් දුර්වලතාවයක් කියලා ඔබතුමා දන්නවනෙ?" ඊට සහයෝගය දක්වමින් තව අමාත්‍යවරයෙක් කිව්වම යොන්ජුන් හුස්මක් හෙළුවා.

"මං දන්නා තරමින් අධිරාජ්‍යයා රිදී ආයුධ නිශ්පාදන තහනම් කලා. එහෙම නේද? දැන් කුමකටද මගෙන් ඒවාට අවසර ඉල්ලන්නෙ? මං සාමාන්‍ය ඇල්ෆාවරයෙක් නිසා ඔබලාගෙ තීරණවලට නැමෙයි කියා සිතුවද?" යොන්ජුන් ඇහුවම අමාත්‍යවරු කනස්සල්ලෙන් මුහුණට මුහුණ බලාගත්තා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now