4#Say_You_Love_Me

206 18 2
                                    

"First love? Unrequited Love?"

ජන්කුක්ගේ හිත පුරාම හොල්මන් කළේ ඒ වචන හතර.

එදා රෑ පුරාම ජන්කුක්ට නින්ද කියන දේ අයිති නැති දෙයක් වුණා.

Next Day Morning

නවතින්නෙම නැතුව කෑ ගහන එලාම් එකේ සද්දෙට නැඟිටපු ටේහ්‍යුන් ලෑස්තිවුණේ ඉක්මණටම සුපුරුදු පරිදි ගේට්ටුවේ තනි රකින්න යන්න.

ඉක්මණටම ලෑස්තිවෙලා ගෙදරින් බැහැලා යන ටේහ්‍යුන්ගේ කාමරේ ජනේලේ ළඟ පිපිලා තිබුණු අයිරිස් (Iris) මල් තාලෙට හුළඟට වැණුනා....

මේ අතරේ ජන්කුක් වෙනද වගේම ලෑස්තිවෙලා ගෙදරින් එළියට එද්දිම වගේ එයා දැක්කා එයාලගේ ගෙදර ගේට්ටුව ළඟ පොඩි ගෑණු ළමයෙක් හිටගෙන ඉන්නවා.

තැඹිලි පාටට හුරු රැලි කොණ්ඩයක් තිබුණු ඒ ගෑණු ළමයට ලස්සන නිල් පාට ඇස් දෙකක් තිබුණා. ඒ වගේම එයා ඇඳලා හිටියේ ලස්සන සුදු පාට ගවුමක්. ඒ ගෑණු ළමයා කොරියන් කෙනෙක් නොවෙන බවයි බැලූ බැල්මට පෙණුනේ.

ජන්කුක් දිහා බලලා ලස්සනට හිනාවුණු ඒ ගෑණු ළමයා ජන්කුක්ට ලස්සන ඩේසි මල් පොකුරක් අතට දීලා එතනින් යන්න ගියේ ජන්කුක් එයාට ස්තූති කරන්නත් කලින්.

වෙච්ච දේට ටිකක් පුදුම වුණත් ඒක ගණන් නොගෙනම ජන්කුක් හිනාවෙවී කාර් එකර නැග්ගේ කැම්පස් එකට යන්න.

සුපුරුදු විදියටම කැම්පස් ගේට්ටුව ළඟ හිටගෙන ඉන්න ජිමිනුයි ටේහ්‍යුනුයි දැකපු ජන්කුක්ට පොඩි හිනාවක් ගියත් එයා ඒක ඉක්මණටම මූණෙන් මකා ගත්තා.

වෙනදට ජිමින් එක්කයි ටේහ්‍යුන් එක්කයි එකටම ෆැකල්ටියට යන ජන්කුක් එදා ගියේ තනියම.

ජන්කුක් එනකන් ගේට්ටුව ළඟට වෙලා හිටගෙන ඉඳපු ටේහ්‍යුන්ට ඈතින් එන කළු පාට කාර් එක්ක දැක්කාම දැණුනේ ලොකු සතුටක්. ඒත් ඒ සතුටට වැඩි ආයුෂ නැතිවුණේ ජන්කුක් ටේහ්‍යුන්ව නොදැක්ක ගාණට ඇරුණු ගේට්ටුවෙන් ෆැකල්ටියට තනියෙන්ම යද්දි.

ටේහ්‍යුන්ට වගේම ජිමින්ටත් ජන්කුක්ගේ මේ අමුතු හැසිරීම ලොකු ප්‍රශ්නයක් වුණු බව ජිමින් ටේහ්‍යුන් දිහා බලපු විදියෙන්ම තේරුණා.

Perfect ❤️ [Taekook-completed]Where stories live. Discover now