26

424 115 55
                                    

මං එදා මුළු රෑම බොළඳ කෙල්ලෙක් වගේ ඇඬුවා. මං කොල්ලෙක් තමයි. ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙකුත් තමයි. ඒත් එහෙමයි කියලා පිරිමි අපිට අඬන්න තහනමක් නෑ නේද? අපිටත් දරා ගන්න අමාරු වෙනවා. අපිටත් වේදනාව දැනෙනවා. කාටවත් නොපෙනෙන්න, ලෝකෙන්ම හැංගිලා අපිත් අඬනවා.

සිහිය තියෙද්දි අඬන පිරිමි දිහා හැමෝම අමුතුවට බලන නිසාමයි සමහරු කරටි කැඩෙන්නම ගහලා අඬන්න පටන් ගන්නෙ. ඒකෙ වැරැද්දක් කවුරුවත් දකින්නෙ නෑ. ආ! බිව්වම ඔහොම වෙනවා. ඒ වගේ සැහැල්ලුවෙන් හැමෝම ඒ දිහා බැලුවත්, ඒ මනුස්සයා එලියට දාන්නෙත් දරා ගන්න බැරුව පපුව කාරගෙන එන වේදනාවක්! ගැහැණු කෙනෙක් පොළවෙ හැපි හැපී අඬලා එලියට දානවා වගේම වේදනාවක්!

ඉතින් beer can එකක් කටේ ගහගෙන මාත් ඇඬුවා. කවදාවත්ම අයිති කරගන්න ඉඩක් නොලැබෙන ඒත් මගේ මුළු ආත්මෙම වෙලා ගත්තු ආදරයක් වෙනුවෙන් මාත් ඇඬුවා.

රඛිත් ඇත්තටම ඔයාට මාවත් මතකයක් විතරක්ම වෙලා යයි නේද? අහම්බෙන් හම්බ වෙලා ජීවිතේම එලිය කරපු ඔයා, අහම්බයක් වෙලාම මගේ ජීවිතෙන් යන්නත් යයි. මං මැරෙනකල්ම
මගේ පපුව ඔයා මත්තෙම ගැහෙද්දි ඔයාට මාව හීනයක් වගේ අමතකම වෙලා යයි. Chester පුංචි කාලෙ ඔයත් එක්ක එකතු වෙලා ජීවිතේ අමාරුකම් බෙදාගන්න උත්සාහ කරපු නිශේද් කෙනෙක්ව ඔයාට මතක තියෙයිද රඛිත්? ඔයා තරම් ලස්සන කෙනෙක් හීනයක් මිසක් හැබෑවක් වෙන්නෙ නෑ මගේ වගේ අවාසනාවන්ත ජීවිතේක. මට ඔයාව වටින තරමටම, ඔයාටත් මාව වටිනවා නම්! එහෙනම් ඊට වඩා කිසිම දෙයක් මට ඕන නෑ රඛිත්. ඔයා මගේ නම් මට වෙන මොකුත්ම ඕන නෑ. ඉතින් ඔයාට මගේ වෙන්න බැරිද? මට පුංචිම හරි chance එකක් හරි දෙන්න බැරිද? ඔයා කොල්ලොන්ට අකමැති නම් ඒකට කමක්නෑ. යාළුවෙක් විදියට හරි මට ඔයාගෙ ජීවිතේ ඉන්න ඉඩක් දෙනවද?

මං අන්තිමට යවපු msg එකත් seen වුනා මිසක් කිසිම reply එකක් නොඑද්දි මං රෑ පුරාම ඇහැරිලා අපේ chat history එකේ උඩ පහල ගියා. එයා එක පාරක් මට මෙහෙම එවලා තිබුනා. මට තාමත් එදා දවස අද වගේම මතකයි.

"Nished, sometimes I feel afraid.
You are doing so much for me.
What if someday you ask me to pay back for all this?
I'd go bankrupt!"

එදා මං එයාට කිව්වෙ මෙච්චරයි.

උල්කා (Completed)Onde as histórias ganham vida. Descobre agora