10

810 189 157
                                    

මේසෙ මත තිබුනු අගරැජිණගේ මිට මෙළ වූ අත තදින් වෙව්ලමින් තිබුනා. කෝපගැන්වූ වියරු ඇස් අවකාශයට යොමු වෙලා තිබුනා වගේම හකු එකට තද වෙලා තිබුනේ එයා කොච්චර නම් කේන්තියකින්ද ඉන්නෙ කියන එක හඟවමින්.

මේ සියලුම ලක්ෂණ දිහා එයා ඉදිරියේ වාඩිවෙලා හිටපු එයාගෙ අයියණ්ඩි වෙන අමාත්‍ය ලී ජේයොන් බලන් හිටියා.

"ඔබතුමිය අනවශ්‍ය විදිහට හිතනවා-"

"අනවශ්‍ය විදිහට?!"

අගරැජිණ කේන්තියෙන් කෑගහලා බැලුවෙ ජේයොන් දිහා.

"ඔයා මීට මාසෙකට කලින් කිව්වෙත් ඕකමයි අයියණ්ඩි. අධිරජුට මේට්ව මුනගැහේවි කිව්වම මොනවාදෝ විකාර ටිකක් කියවලා මගෙ හිත සනසන්න ඔයා උත්සාහ කලා. මට මගෙ හිත බොරුවෙන් සනස ගන්න ඕනෙ නෑ අයියණ්ඩි. දැන්, ද්-දැන් ඒ බොරුව ඇත්ත වෙලා. අධිරජුගේ මේට් මියගිහින්වත්, එතුමා එයාව ප්‍රතික්ෂේප කරලවත් නෑ!"

ජේයොන් අපහසුවෙන් කෙළ ගිල්ලා. නෑ ඒ අගරැජිණට බයේ නොවෙයි ඇත්ත තත්ත්වය එයාගෙ මුවින් පිටවුනු නිසා.

"මට තව ඔබතුමියව සනසන්න ඕන නෑ අගබිසවුනි. ඒත් මේ දේත් අහන්න, කලින් කිව්වා වගේම අධිරජුටවත් බෑ කිසිම හේතුවක් නැතුව ඔබතුමියව තනතුරෙන් නෙරපන්න. එවැනි හේතුවක් නොතිබෙනතාක් අපි ආරක්ෂිතයි. ඒ වගේම මං ඔබතුමියගෙ ඉල්ලනවා එවැනි හේතුවක් නොසෑදෙන තැනට වග බලාගන්න කියලත්." ජේයොන්ගේ වචන එක්ක ජින්යොන්ගෙ නපුරු දෑස් එයාට යොමු වුනත් එයා ආයිත් සමච්චලයට හිනාවෙමින් අහක බලාගත්තේ ජේයොන්ගෙ වචන වල යටි අර්ථය වැටහුනු නිසා.

"එයාගෙ නිලය මොකද්ද අයියණ්ඩි?" ජින්යොන් ඇහුවා. ඒත් ජේයොන් නිහඬයි.

අගරැජිණ සමච්චලයෙන් ජේයොන් දිහා බැලුවා.

"මට ඒක කියන්න, මං දන්නවා ඔයා ඒක දන්නවා කියලා. අධිරජුගෙ මේට්ගෙ නිලය මොකද්ද." ජින්යොන් ආයිත් ඇහුවම ජේයොන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

"පිරිමි ඔමේගාවෙක් කියලයි ආරංචි."

ජේයොන්ගෙ වචන එක්ක ජින්යොන්ගෙ ඇස් කම්පනයෙන් විශාල වුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now