ජිමින් ඉඳගෙන හිටියේ පුංචි බංකුවක.බැහැගෙන යන ඉර එළියට කහ පාටට දිලිසෙන තණකොළ වලින් ඔහුට ඉදිරියේ පිහිටලා තිබුණු නිමක් නොපෙනෙන තන බිම හැඩ වෙලා තිබුණා.තමන් ඉදගෙන හිටපු විශාල මේපල් ගහට ඉදිරියේ පිහිටලා තිබ්බ විලෝ ගහ පාමුලට ජිමින්ගෙ කඳුලු පිරුනු ඇස් එල්ල වෙලා තිබුණා.ඒ ඇස් ඇස් එල්ල වෙලා තිබුනේ කහ පාට ඉර එලිය වැටිලා රත්තරන් පාට දිලිසෙන සුදු පාට සොහොන් ස්මාරකයක් දිහාවට.
'ජන්කුක්'
'1998 - 2022'ලෙස එහි සටහන් වෙලා තිබුණා.
දිගු සුසුමක් හෙලූ ජිමින් තමාගේ අතේ තියන පොත දිහා බැලුවා.සුදුපාටම කවරෙකින් හැඩ වෙලා තිබුණු මේ පොතේ කෙළවර"ජන්කුක්"
කියන නම සටහන් වෙලා තිබුණා. සොහොන දිහා බලලා ලා හිනාවක් පෑව ජිමින් තමාගේ අත මත තිබූ පොතේ මුල් පිටුව පෙරළුවා.
"සමහරවිට සූර්යයා දන්නේ නැතිව ඇති සූරියකාන්ත මල් තමා මත්තෙම නැහිලා මැරිලා යන වගක්"
උඩින්ම ලියල තිබුන වාක්‍යය උඩට වැටුණේ ජිමින්ගේ කඳුළු බින්දුවක්.
ඊළඟ පිටුවක් පටන් ගැන්නේම ලියලා තිබුණේ ඒ නම. මේ පොතම ඒ නමින් පිරවෙන්න ඇත්තේ ජන්කුක්ගෙ මුළු ජීවිතේම ඉඩ ඒ නමටම ලියවිලා තිබුනු නිසා වෙන්න ඇති කියලා ජිමින්ට හිතුනා.
"තේහියුන්"
පුංචි කාලේ ඉඳන්ම එක්ක හිටපු හැටි,තේහියුන් එක්ක රණ්ඩු වුණු හැටි හැමදේකින්ම පොතේ මුල් පිටු ටික පිරිලා තිබ්බා.
"තේහියුන් වෙන කෙල්ලො එක කතා කරද්දි,ඇඟෑලුම් කම් පාද්දී මගේ හිතට ආව ඒ හැඟීම මොකක්ද කියලා පොඩි කාලේ මට නොතේරුණත්, ටිකක් පරිණත වයසක ඉන්න දැන් මට තේරෙනවා ඒකට කියන්නේ 'ආදරේ' කියලා. අවුරුදු දහයක විතර ඉඳලා මං ආදරේ කරලා තියෙන්නේ තේහියුන්ට කියලා"
YOU ARE READING
Until the end of time....❤️ (Completed☑️)
Fanfictionආදරේ........ ඒ දේ වචනෙන්ම කියන්න ඕනි දෙයක් නෙවෙයි❤️