ජිමින් ඇස් දෙක ඇරල පියවි ලෝකෙට ආවා.
ජිමින් මහ හඩින් කෑ ගහලා ඇඬුවා.
ජිමින් මහ හඬින් කෑ ගැහුවා.
කාත් කවුරුත් නැති ඒ තණ පිට්ටනිය උඩ වැටිලා මහ හයියෙන් කෑ ගැහුවා.
"නෑ............එයා කළේ රඟපෑමක් නෙවෙයි.....කූ......තේහියුන් කළේ රඟපෑමක් නෙවෙයි.........."
කඳුළු පිරුණු ඇස් වලින්ම ජිමින් අතීත මතක් කළා.
ජන්කුක් දවසක් විහිලුවට වගේ වෙන කොල්ලෙක් ගැන ක්‍රශ් එකක් තියෙනවා කියලා කිව්ව වෙලාවෙ එතනින් කලබලේට නැගිටලා ගියපු තේහියුන්ගෙ පස්සෙන් ජිමිනුත් දුවං ගියා.
ඉස්කෝලේ වත්තේ කොනක පිහිටලා තිබ්බ මේපල් ගහේ කදට එක පිට එක පහරදෙන තේහියුන්ව ජිමින්ට හොයාගන්න පුළුවන් වුණා.එදා තමා තේහියුන්ගෙ ඇත්ත ජිමින් දැනගත්තේ.
"දන්නවද මම ඒ හිනාවට,ඒ කතාවට,ඒ හැසිරීමට ආදරේ කරන්න ගත්තේ ජන්කුක් මට ආදරේ කරන්න පටන් ගන්නවටත් කලින්. ඒත් උඹ දන්නවනේ අපේ පවුල ගැන. දවසක මට බඳින්න වෙන්නේ එයාලා හොයල දෙන කෙනෙක්ව.ජින් හියුන්ග් පැනලා ගියාට පස්සේ අම්ම තාත්තා හිත හදාගත්තේ මගේ දිහා බලලා.මමත් හිතුවක්කාර කමක් කළොත් එයාල හිත රිද්දං පැත්තකට වෙලා නිකන් ඉන්න එකක් නෑ.අනික මම ආදරේ කරන්නෙත් අයියා වගේම පිරිමි ලමයෙක්ට කියලා දැනගත්තම? අනිවාර්යෙන්ම ජන්කුකීට වුණත් කරදරයක් කරන්න පුළුවන්.මට බෑ ඒ අහිංසකයට රිද්දන්න.පිස්සෙක් වගේ දැඟලුවට ඒ අස්සෙ හැංගිලා ඉන්න අහිංසක කොල්ලව මම දන්නවා.මගේ මේ හිත පිරෙන්නෙ මම ඌට ආදරෙයි.මං මෙහෙම කරන්නේ ඒ කොල්ලගේ හොඳට.මෙහෙම කළා කියලා මට වෙන හොදක් නෑ.මුළු ජීවිත කාලෙම ජන්කුකීව අතඇරලා වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න උනාම මම හැමදාම විඳවයි."
ජිමින්ගෙ සැලකිල්ල වගේ ජන්කුක්ට දැනුනේ තේහියුන්ගෙ ආදරේ.....
ජන්කුක් ගැන හොයලා බැලුවේ,කන්නෙ නැතිව ඉද්දි කෑම ජිමින්ගෙ අතේ එව්වෙ,බේත් වේල මතක් කරලා බොන්න දෙන්න ජිමින්ට කිව්වෙ,තේහියුන්.
YOU ARE READING
Until the end of time....❤️ (Completed☑️)
Fanfictionආදරේ........ ඒ දේ වචනෙන්ම කියන්න ඕනි දෙයක් නෙවෙයි❤️