12

1.2K 187 127
                                    

මාළිගයේ පුහුණු පිටිය වෙඩි හඬවල් වලින් පිරී පැවතුනේ අධිරාජ්‍යයා යුධ පුහුණුවේ යෙදෙන බව අඟවමින්. එතුමා අධිරාජ්‍යය තුළම ප්‍රථම වතාවට නිපදවූ තුවක්කු පරික්ෂා කරමින් හිටියා.

අවසාන වශයෙන් ඉලක්ක පුවරුවේ හරි මැදටම වෙඩිල්ල තිබ්බ අධිරාජ්‍යයා තුවක්කුව පහත හෙළමින් තෘප්තිමත් සිනහාවක් පිටකලා.

ඊළඟට එයාගෙ දැස් ගියේ ප්‍රේක්ෂකාගාරයට. සාමාන්‍යයෙන් එයාගෙ දස්කම් බලන්න එයාගෙ ඔම්මා ආසයි. එයා දැක්කා මව් රැජිණ සතුටු සිතින් ප්‍රේක්ෂකාගාරයේ ඉදිරියෙන්ම සිට එයාව දිරිමත් කරන විදිහ. ඒ වගේම එයා දැක්කා ඊට එහා පැත්තෙ ඒ විදිහටම සතුටින් බලන් ඉන්න අගරැජිණව.

තවත් එයා ප්‍රේක්ෂකාගාරය පුරාම ඇස් යැව්වත් වෙන වෙන පිරිස් හැර එයාගෙ ඇස් හොයන රුව එයාට හමු වුනේ නෑ.

ටේහ්‍යුන් දුකින් හුස්මක් හෙළුවා.

"කඩු හරඹ ආරම්භ කරනු!"

අධිරාජ්‍යයා ඊළඟට අණ කලා.

ඒ සැනින් අධිරාජ්‍යයේ අසිපත් බලකාය එක පෙළට පිටියට දුවගෙන ඇවිත් පේළියට සිට ගත්තා. අධිරාජ්‍යයා ඔවුන් ඉදිරියට ගියා.

"ආරම්භ කරනු!"

"එහෙමයි!"

ඒ සැනින් දෙදෙනා බැගින් මුහුණට මුහුණලා හිටගත්ත සෙබළුන් තම තමන්ගෙ කඩු කොපුවලින් ඇදගෙන කඩු හරඹයට සූදානම් වුනා.

අධිරජුගේ තවත් එක් සංඥාවකින් කඩු සටන් ඇරඹෙද්දි අධිරාජ්‍යයා සෙන්පතිට කල සංඥාවකින් සෙන්පති හිස වැනුවා.

එයා සටන් කරන පිරිස අතරට ගොස් නිවැරදිව සටන් කරනවා දැයි පරික්ෂා කලා.

මේ අතරේ අධිරාජ්‍යයාගේ තියුණු ඇස් පුහුණු පිටිය පුරා යවමින් එයාගෙ සෙබළුන්ගේ දක්ෂතාවයන් නිරීක්ෂණය කලා. එයා දැක්කා සමහරුන්ගේ වැරදි සෙන්පති හරිගස්සන විදිහ.

ඒ වගේම තව තැනක එක සෙබළෙක් තමන්ගෙ ප්‍රතිවාදියට බයේ පරාජය වෙන්න සූදානම් වෙන විදිහ දැකලා අධිරාජ්‍යයාගෙ ඇස් තව තියුණු වුනා.

එයාගෙ වේගවත් අඩි ඒ දෙසට පියනැගුවා.

අන්තිම මොහොතේ ප්‍රතිවාදියාගෙ කඩුව එයාගෙ කඩුවේ ගැටී බර වන මොහොතේ පරාජය වීමට සූදානම්ව සිටි සෙබළා ගැහෙමින් පුලුවන් තරම් තදින් එයාගෙ කඩුව අල්ලගෙන සිටියා. ඒත් තවත් ඒ ශක්තිය දරා ගන්න බැරි තැන එයා අත්හරින්න හැදුවත් ශක්තිමත් අතක් තදින් එයාගෙ අත අල්ලගත්තම එයාගෙ ඇස් කම්පනයෙන් විශාල වුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now