13

852 179 123
                                    

පසුදා උදෑසන ජන්ග්කුක් අවදි වෙද්දි එයාගෙ අනෙක් පස ටේහ්‍යුන් නම් හිටියෙ නෑ.

යහන මතම අතපය දිග ඇර හිරිඇර ගත්ත ජන්ග්කුක් එහා පැත්ත බැලුවා. අධිරාජු උදේම එයාගෙ රාජකාරි වලට පිටත් වෙලා.

එයා හිමින් එයාගෙ අත එයාගෙ ඇල්ෆා නිදා සිටි යහන පුරා ගෙනගියා. එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇඳුනා. ඒ උනුහුමේ එයාට පළවෙනි වතාවට සනීපෙට නින්ද ගියා නේද කියලා මතක් වෙද්දි එයාගෙ කම්මුල් රෝස පාට වුනා.

තවමත් ඒ උනුහුම ඇතිරිලි වලින් පහව ගොස් නෑ. ජන්ග්කුක් ලෝබ කමේ ඒ ඇතිරිලි මතට හිමින් රෝල් වුනේ අත් වලින් ඒ ඇතිරිලි ගුලි කරගන්න ගමන්.

එයා ඒ ඇතිරිලි සිම්බා. තවමත් ඒ සුවඳ එහෙන්ම රැඳී තිබුනා. ලැජ්ජාවෙන් හිනාවුනු ජන්ග්කුක් ගුලි කරගත්ත ඇතිරිලි අස්සෙ එයාගෙ මූන හංග ගෙන තනිවම හිනාවුනා.

"එතුමා හැම රාත්‍රියකම ඒවිද?"

ඒ උනුහුමින් ඒ සුවඳින් ඈත් වෙන්න තිබුනු ලෝබකමට තවත් සෑහෙන වෙලාවක් ඒ ඇතිරිලි ගුලි කරගෙන හිටපු ජන්ග්කුක් උද්‍යෝගයෙන් නැගී සිටියා.

එයාට අද අමුතු ජීවයක් ඇවිත් තිබුනා, නැවුම් සතුටක් හදවතේ පිරිලා තිබුනා. අධිරාජ්‍යයාගෙ උනුහුම මෙච්චර හරියක් කල එක ගැන ජන්ග්කුක් පුදුම වුනත් එයා එයාගෙ බනී හිනාවෙන් හිනාවෙමින් උද්‍යෝගයෙන් උදෑසන වැඩපිළිවෙල කිරීමට පටන් ගත්තා.

පිරිසිදු වෙලා අවසානයේ සතුටින් උඩපැනගෙන ඇඳුම් රාක්කයට ගිය ජන්ග්කුක් තිබුනු සරලම සැහැල්ලුම බටහිර ඇඳුම ඇඟලා ගත්තා. ජන්ග්කුක්ගේ ඔලුවෙ මේ වෙලාවෙ වැඩකරන්නෙ මොනවද කියලා දන්නෙ එයාම විතරයි.

සූදානම් වෙලා සේවිකාවන්ටත් නොකියා එයා මාළිගාවෙන් එළියට දිව ගියා.

* * * * * * * *

වෙලාව උදෑසන හතයි. රාජකීය මුළුතැන්ගෙය එකම කාලගෝට්ටියක්. එයට හේතුව රාජකීයන්ගේ රාජභෝජන පිළියෙල කරන වේලාව නිසා.

"හැමදේම සූදානම්ද? අධිරජුගේ භෝජනය මං පිසින්නම්. අනිත් කෝකියො ටික අනෙකුත් රාජකීයන්ගෙ භෝජන ගැන බලන්න."

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now