14

834 186 133
                                    

අධිරජුත් එයාගෙ ඔමේගාත් ලිලී උද්‍යානයට ආපු පාර එතනම තණකොළ බිස්ස සහ සාවුන් මැද වාඩිලාගෙන අවට සිරි නරඹමින් හිටියා. හැබැයි වටපිටාව ගැන අවබෝධයකින් හිටියෙ ජන්ග්කුක් විතරයි, එයාගෙ ඇල්ෆාගේ නම් අවධානය එයාගෙ ඔමේගාගෙ මේ සාමාන්‍ය බටහිර ඇඳුමට තිබුනු සුන්දරත්වය වින්දා. ජන්ග්කුක් දැන් වරලස පීරන්නෙම උඩහට කර ගැටයක් ගසා. ටේහ්‍යුන් ඔමේගාගේ මේ නව විලාසිතාවට ඇලුම් කලා.

"ආහ් අධිරජුනි, පෙන්නන්න දෙයක් තියේ."

එකපාරටම කිව්ව ජන්ග්කුක් එයාගෙ ඇඳුමේ සාක්කුව අස්සෙන් ගත්තේ චොක්ලට් පතුරක්.

"මේ! මේකට කියන්නෙ චොක්ලට් කියලා. දන්නවද ඒක කන දෙයක්." ජන්ග්කුක් එයාගෙ බනී හිනාවෙන් හිනා වෙලා කිව්වත් ටේහ්‍යුන් නම් එයා දිහා බැලුවේ උමතුවෙන් පෙළෙන අයෙක් දිහා බලනවා වගේ.

"ඉතින් ඇයි ඔයා ඒක සාක්කුවෙ දාන් හිටියෙ ජන්ග්කුක්?"

"අහ් ඒක කන දෙයක් කියන එක මට ඒක දැක්කම අමතක වෙනවා. ඒක හරියට ලී පතුරක් වගේනෙ. ඒත් ඒක ගොඩක් රස කෑමක්." කිව්ව ජන්ග්කුක් ලොකු චොක්ලට් කෑල්ලක් කඩාගෙන කාලා රස බලද්දි ටේහ්‍යුන්ට නම් හිනා. එයාගෙ ඔමේගා තාමත් බටහිර විසිතුරු ආහාරයන් ගැන දන්නෙ නෑ.

"මං ඉන්නෙ හෙට මේ චොක්ලට් රාමේන් වලට එකතු කරලා අලුත් වට්ටෝරුවක් හදන්න. ඒක හදලා-"

"එපා!!"

ටේහ්‍යුන් කෑගහන්න ආසන්නව කිව්වම ජන්ග්කුක් පුදුමයෙන් එයා දිහා බැලුවා.

"ඇයි?"

"අ-අහ් ඔ-ඕවා සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාර වේල් වලට එකතු කරන්නෙ නෑ පැටියො. ඕක අතුරුපස සකසන්න නම් දානවා ඔව්." ටේහ්‍යුන් ඉක්මනින් කිව්වේ මොකද එයා දන්නවා ජන්ග්කුක් අලුතින් හදන හැම කෑමක්ම අත්හදා බලන්න එවන්නෙ එයාට කියලා දන්න නිසා. ජන්ග්කුක් මූන හකුළ ගත්තා.

චොක්ලට් එකම කටට දෙකට ඔබාගත්තු ජන්ග්කුක් ඒක නිහඬවම ගිලලා දැම්මේ ලොකු කෑදරකමකින්. ටේහ්‍යුන් නම් ඔමේගාගෙ මේ හුරතල් හැසිරීම් දිහා ආසාවෙන් බලන් හිටියා.

ටිකක් වෙලාම ඒ දෙන්නා එතන කාලය ගත කරද්දි ජන්ග්කුක් හිමින් ටේහ්‍යුන් දිහා බලන් හිටියා. එයා දැක්කා ටේහ්‍යුන්ගේ දෑස් වල තිබුනු වෙහෙසකර බව. ඒ ඇස් පුංචි වෙලා තිබුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now