15

841 180 138
                                    

හවස් යාමය උදා වෙලා. මුලු මාළිගයම ලොකු කලබලයක. අමාත්‍යවරු දිගටම උද්ඝෝෂණයේ යෙදෙද්දි අගරැජිණ තවමත් කිසිඳු පිළිතුරක් නොදී සිටියා.

එහෙන් හැමෝම බලන් හිටියේ අධිරජුගේ මීට ප්‍රතිචාරය. ඒත් අධිරජු නම් තවම මාළිගයට පැමිණ තිබුනෙ නෑ.

"තවමත් එතුමා ඇවිත් නැද්ද?" මව්රැජිණ කේන්තියෙන් ඇහුවේ ප්‍රධාන මාළිගය ඉදිරිපිට සිටින අධිරජුගේ ප්‍රධාන සේවකයාගෙන්.

"න්-නෑ මව්බිසවුනි. එතුමා උදෑසන එතුමාගෙ මේට් සමඟ මාළිගයේ බටහිර කැළයට පිටත් වුනා. කාටවත් ඒ ප්‍රදේශයට ඇතුල් වීම එතුමා තහනම් කලා." සේවකයා හිස බිමට නැඹුරු කරගෙන කිව්වා. මව්රැජිණ කේන්තියෙන් හුස්මක් පිට කරලා තව දෙයක් කියන්න හැදුවත්..

"අධිරජුගෙ උද්වීපන සමය ආරම්භ වෙලා වෙන්නැති ඔම්මා. ඒ නිසා වෙන්නැති එතුමා මේට් එක්ක කැලයට පිට වුනේ." එහෙම කියාගෙන එතනට යොන්ජුන් ආවම සේවකයො එයාට හිස නමා ආචාර කලා.

ඒත් මව්බිසව ඒක පිළිගත්තෙ නෑ.

"ඒක එහෙම නම් එතුමා කලින්ම ඒ බව මට දන්වලා රාජකාරි ඔයාට නැත්තන් වෙන කෙනෙකුට පවරනවා. අනික දැන්ම එතුමාගෙ උද්වීපන සමය ආරම්භ වෙන්නෙ නෑ. ඒකට තව මාස කිහිපයක්ම තියෙනවා කියලා ඔයත් දන්නවනෙ?" මව්බිසව කිව්වම යොන්ජුන් මූන හකුළ ගත්තෙ මොකක් උනත් ඒක ඇත්ත කියලා දන්න නිසා.

"ඒ උනාට ඔම්මා අධිරජු එයාගෙ මේට් එක්ක ඔහොම හිටපුවාවෙ. අර අමාත්‍යවරු තව ටිකක් කෑගගහා ඉන්නැතැ." යොන්ජුන් කිව්වම මව්බිසව එයාට රැව්වා.

"මං යනවා බටහිර කැලයට. මංම ගිහින් එතුමාව එක්කගෙන එන්නම්. කිසිම හේතුවක් මත එතුමාට බෑ මේ විදිහට රාජකාරි මගහරින්න." කිව්ව මව්බිසව එතනින් යද්දි හැමෝගෙම ඇස් උඩ ගියා.

"ඔම්මා ඉන්න!"

"මව්බිසවුනි!"

ඒත් මව්බිසව ගිහින් ඉවරයි.

මව් රැජිණ බටහිර කැලයට සේවිකාවන් එක්ක ඇතුලු වුනා. එයාගෙ වෘක ඉවෙන් මව් රැජිණ එයාගෙ පුතාගෙ ඉව ඔස්සේ ගියත් ටිකක් දුර ගිහාම එයාට හම්බවුනේ අධිරාජ්‍යයාගෙ ඇඳුම් විතරයි.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now