16

844 184 92
                                    

"මේ උද්ඝෝෂණය ගැන දැනගත්තම අධිරජු ගොඩක් සතුටු වෙයි."

"නිසැකවම, එතුමාට දැන් අවශ්‍යත් අගබිසව තනතුරට එතුමාගේ මේට්ව පත් කරගැනීමටනෙ."

අධිරජු මේ උද්ඝෝෂණය ගැන දැනගත්විට එතුමාගෙ ප්‍රතිචාරය කුමක් වෙයිද කියන එක පිළිබඳව මාළිගය පුරාම පැතුරුනේ මේ වගේ අදහසක්.

හැමෝම බලන් හිටියේ මේ උද්ඝෝෂණයට අධිරජුගෙන් පිළිතුරක් ලැබෙන තෙක්. ඒ වගේම අධිරජු අද උදෑසනම අගබිසෝ මාළිගයට පිටත් වෙන බවත් ක්ෂණිකයෙන් මාළිගය පුරා පැතිරුනා.

"අධිරජු සැපත් වන වගයි!!"

ඒ හඬ ඇහුන විගසම උද්ඝෝෂණයේ යෙදී සිටි අමාත්‍යවරු කලබලෙන් හිස බිමට නවාගත්තේ අධිරජුට ආචාරයක් වශයෙන්.

ඒ සැනින් වේගවත් අඩි තබමින් වියරුවෙන් දිලිසෙන රත්පැහැ ඇස් වලින් අධිරාජ්‍යයා සැපත් වුනා. අධිරාජ්‍යයාගේ පවිත්‍ර රුධිර අවුරාව අමාත්‍යවරුන්ට වගේම ක්ෂණිකයෙන් මාළිගයෙන් එළියට ඇවිත් හිටපු අගරැජිණටත් දැනුනා.

ඔමේගාවෙක් වුනු අගබිසව බියෙන් පිටුපසට වෙද්දි අනෙක් අය පුදුම වුනේ අධිරජු මෙතරම්ම කෝපයෙන් ඇයි කියලා. මොකද එයාලා බලාපොරොත්තු වුනේ නෑ මෙවැන්නක්.

අධිරජු අමාත්‍යවරු ඉදිරියට ආවා.

"තමුන්ලගෙ ප්‍රශ්නෙ මොකද්ද? ඇයි මේ නිකරුනේ උද්ගෝශනය කරන්නෙ?!" අධිරජු එයාගෙ වෘකයාව පාලනය කරගෙන ඇහුවා.

සාමාන්‍යයෙන් අධිරජු කෝපගන්නෙ ඉතාමත් අඩුවෙන්. හැමදේම සාමයෙන් සරලව විසඳීමයි එතුමා සිදු කරන්නෙ. මොකද එයා කැමති නෑ නිලයෙන් උසස්ම වෘකයා විදිහට අනෙක් වෘකයන්ව බිය ගන්වා රාජ්‍ය කටයුතු සිදු කරන්න. ඒත් උද්වීපන සමයට ආසන්නව ඉන්න මොහොතේ ශරීරයේ ඇති වන අපහසුතා එක්ක පුංචි දේටත් අධිරජු දැන් කෝපගන්නවා. ඒක මේ පවිත්‍ර රුධිර ඇල්ෆාගෙ හෝමෝන ක්‍රියා කරන ආකාරය.

ඒත් මේ කිසිම දෙයක් නොදැන ඉන්න අනෙක් පිරිස අධිරජුගේ මේ ක්ෂණික පවිත්‍ර රුධිර අවුරාව ගැන පුදුම වෙලා හිටියා.

එක් අමාත්‍යවරයෙක් හිස ඔසවලා අධිරජුගෙ පැනයට පිළිතුරු දෙන්න සූදානම් වුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Kde žijí příběhy. Začni objevovat