#11. Re-born

34 12 70
                                    

Continuing someone's pov:

යුන්සොගේ අතින් ලේ යන එක නවතින්නේ නැති නිසා හසොකි පිහිය ගන්න ට්‍රයි කරත් හසොකිට ඒක කරන්න බැරි වුනේ යුන්සෝ ඒ පිහිය ගොඩාක් තදින් අල්ලාගෙන හිටිය නිසා. බැරිම තැන හසොකි පළවෙනි පාරට යුන්සොට අත ඉස්සුවේ එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා. ඒත් ඒ කරපු දේට හසොකි තමන්ටම දොස් පවරගත්තා.

හසොකිගේ කම්මුල් පාරත් එක්කම යුන්සොගේ අතින් පිහිය අතැරෙද්දි හසොකි ඉක්මනට ඒ පිහිය තමන්ගේ බලයෙන් නැති කරලා දැම්මේ ආයෙත් පිහිය අරගෙන යුන්සෝ තමන්ගේ අත කපාගනියි කියලා බයටමයි. ඒත් වුනේ හසොකි හිතපුවත් නැති දෙයක්. හසොකිගේ කම්මුල් පාරේ සැර වැඩි කමටම යුන්සෝ පියවි සිහියට ආවත් තමන්ගේ අතින් ලේ යන විදිහට ඇති වුන හදිසි ශොක් එකෙන් වගේම ගොඩාක් ලේ ඇඟෙන් ගිහිල්ලා තියෙන නිසාම යුන්සොට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් පණක් තිබ්බේ නෑ. ඒ නිසාම හසොකි බිමට වැටුණ පිහිය ගනිද්දි හසොකි දැක්කේ යුන්සෝ ලේ ගොඩක් මැද සිහිය නැතුව වැටිලා ඉන්න එක විතරයි. යුන්සෝ ඉන්න තැනට ඉක්මනට දුවලා ගිහින් යුන්සොව තමන්ගේ උකුලට ගත්ත හසොකි යුන්සොට කතා කරන්න පටන් ගත්තේ මොකක්දෝ අමුතු හැඟීමක් එක්ක ආපු ඉකියක් එක්කමයි.

Hazoki : යු.යුන්සෝ ප්.පැටියෝ! නැගිටින්නකෝ! මො.මොකක්ද මේ ඔයාට වුනේ? .අනේ පැටියෝ ඇස් ඇරලා ඔන්නි දිහා බලන්න මැණික!

ඒත් එක්කම හසොකි තමන්ගේ බලේ පාවිච්චි කරලා එතනින් අතුරුදහන් වෙලා ආයෙත් මතු වුනේ හොස්පිට්ල් එකක් ළඟ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ හොස්පිට්ල් එකක් නෙවෙයි. ඒක හීසන්ග්ලා මෙහෙට ආපු ගමන්ම පටන් ගත්ත එකක්. හරියටම කිව්වොත් මායාකාර ලෝකය ගැන විශ්වාස කරන කිහිප දෙනෙක්ව හොයා ගෙන තමයි හීසන්ග්ලා ඕක පටන් අරන් තියෙන්නේ. මොකද එයාලා සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි නිසා එයාලාගේ අසනීප වලට සමහර බෙහෙත් මේ ලෝකේ නෑ. ඒ රහස් පිටට යවන්න බැරි නිසා තමයි එයාලා ඒ හොස්පිට්ල් එක පටන් ගත්තේ. පිටතට ඒ බිල්ඩින් එක පේන්නේ පරණ ගෙයක් වගේ වුනත් ඇතුළට ගියාම ඒක වෙනමම ලෝකයක්.

Witches of the Cold Night ✔️Where stories live. Discover now