#12. Is everything alright?

43 10 73
                                    

Continuing someone's pov:

??? : වුවාහ්!! මේ සුවඳ! අවුරුදු ගාණකින්. කිසිම දෙයක් වෙනස් වෙලා නෑ! හැමදාම එදා වගේම අදත් හැමදේම වුනේ මගේ වාසියට. එහෙනම් ඉක්මනට අපි හම්බ වෙමු ළමයිනේ!
.
.
.
.
Next day Morning.

හීසන්ග්ලා හිතපු විදහටම ඊයේ එකපාරටම පුර හඳ පායපු එක මෙහෙ අයට ලොකූ නිව්ස් එකක් වුනා. ඒ වගේම කවුරුවත් හිතපු නැති වෙලාවක කඩා පාත් වුන උල්කාපතයත් එක්ක මිනිස්සු විතරක් නෙවෙයි හීසන්ග්ලත් පුදුම වුනා. මොකද හීසන්ග්ලාගේ ප්‍රධාන රාජකාරිය වුනේ මනුස්ස ලෝකේ ආරක්ෂා කරන එක. ඉතින් උල්කාවෙන් හානි වුන මිනිස් ජීවිත වලට එයාලට වන්දි ගෙවන්නත් සිද්ධ වුනා. හදිස්සියේම වැටුනු උල්කාවෙන් මිනිස් ජීවිත බර ගාණක් නැති වුන නිසා එයාලා හතර දෙනාටම ආයෙත් මේ ගැන පැහැදිලි කරන්න මායා ලෝකෙට යන්න සිද්ධ වුන නිසා මෙහෙ වැඩ ටික පැවරුනේ ඉතින් මටයි මගෙ යොදොංසෙටයි තමා.

ආහ්! කියන්න බැරි වුනානේ මගෙ යොදොංසෙ තමයි මින්ජිගෙ ඇසිස්ටන්ට්. ඒ කියන්නේ එයත් රජයේ උසස් පොළිස් නිළධාරියෙක් තමයි. හැබැයි ඉතින් මේ කට්ටියගේ හදිස්සි වැඩ නිසා ඒ කෙල්ලට වෙන්නේ වෙන වෙන හැම අභිරහස් කේස් ටික වහලා දාන එක. අර හතර දෙනත් නැති එකේ රාජකීය සෙට් එකේ භාර දූර වගකීම් ටිකත් පැවරුනේ අපිටම තමා. අද සතියේ අන්තිම දවස නිසා පොඩි කට්ටියව යුනි එක්කන් යන වැඩේට අපේ පණ්ඩිත යොදොංසෙට භාර දීලා මන් පැත්තකට වුනා. ඒ නිසා කෙල්ල උදෙන්ම අජුම්මාගේ විලා එක පැත්තට ගියේ සෙට් එකව කැන්දන් එන්න යන්නම ඕනි නිසා.

*knock knock*

??? : අහ්ම් අහ්ම්! ගෙදර කවුද? මීනාහ්? ආරෝ? යුකී? ආහ් අජුම්මා! කෝ මේ ගෙදර ඉන්න ළමා ළපටි සැට් එක!

මේ පණ්ඩිත ආච්චි ගෙදරට ගියපු ගමන් ඉන්න ඔක්කොගෙම නම් කිය කිය කෑගහන්න පටන් ගත්තේ හරියට නිකන් ඉස්කෝලේ පීරියඩ් ඉවර වුනාම ගහන බෙල් එක වගේ. හොඳ වෙලාවට අජුම්මා එතනට ආවා. හැබැයි ඉතින් අජුම්මාගේ දෘෂ්ටිකෝණයට අපේ එක්කෙනාව වැටෙන්න ටික වෙලාවක් ගියා.

Witches of the Cold Night ✔️Where stories live. Discover now