#13. Foreshadows

48 10 69
                                    

Continuing someone's pov;

Aro : ඔන්නි කියන්නේ මේකත් ඌගෙම වැඩක් කියලද?

Chaejin : වෙන්නත් පුළුවන්.

Yuki : හරි ඔක්කොටම කලින් අපි දායුන්ව හොයා ගන්න ඕනි. ඒත් ඊට කලින් අපිට තව වැඩක් තියෙනවා.

Minah : මන් ටික අස් කරන්නම්. චේජින් ඔන්නි පුළුවන් ඉක්මනට අජුම්මාව ශේප් කරගෙන පොඩි කට්ටියව හීසන්ග් ඔප්පාගේ මාළිගාවට එක්කන් යන්න. අපි තුන් දෙනත් එතනට එන්නම්.

Chaejin : ඔව්! මේ වෙලාවේ යුනි යන එක අවදානම්. ඌගේ ඊළඟ ටාර්ගට් එක කවුද දන්නේ නෑනේ!

Yoon : චේජින් ඔන්නි අපි ලෑස්තියි.

Chaejin : හරි එහෙනම්, අපි යන්නම්. ඉක්මනට ඔයාලත් එන්න.

චේජින් යූන්වයි වොන්ජුවයි අරගෙන හීසන්ග්ලාගේ මාළිගාවට යන්න පිටත් වෙන්න ලෑස්ති වුනත් ඒක ටිකක් පරක්කු වුනේ අජුම්මාගේ කෑගැහිල්ල නිසා. එයාවත් ශේප් කරගෙන චේජින් අර දෙන්නත් එක්ක පුළුවන් ඉක්මනට හීසන්ග්ගේ මාළිගාවට පිටත් වුනේ මටත් එතනට එන්න කියලා පණිවිඩයක් එවලමයි. හැමෝගෙම වගකීම මේ වෙලාවේ තිබුනේ අපිට නිසා අපි තීරණය කලා ඒ වෙලාවේ හැමෝටම ආරක්ෂිත තැනක් විදිහට හීසන්ග්ගේ මාලිගාවට යන්න. මොකද ඒකට පිටස්තර කිසිම වෙනත් බලවේගයකට ඇතුළු වෙන්න බැරි තරම් ශක්තිමත් ආරක්ෂිත තැනක්.

මේ අතරේ ආරෝ හසොකිට කතා කරලා වුන දේ කිව්ව නිසා එයාලත් අනිත් අයත් එක්ක මෙහෙට එන ගමන් හිටියේ.

Hazoki : චේජින් ඔන්නි! අනේ මගේ දායුන්ට කරදරයක් වෙලා නැතුව ඇති නේද?

Witches of the Cold Night ✔️Where stories live. Discover now