18

1.3K 200 235
                                    

වේලාව රාත්‍රී එකොළහයි.

එයාගෙ නිරුවත් සමට දැනෙන උනුසුම් ජලයේ පහස විඳිමින් ජන්ග්කුක් දෑස් පියාගෙන හිටියා. ඒ උනුසුම් ජලයත්, ස්නාන කුටියේ ඇති සුගන්ධවත් ඉටිපන්දම් වල කාන්තිමත් සුගන්ධයත් ජන්ග්කුක්ගේ ආතතිය යම් තරමක් සමනය කරන්න සමත් වුනා.

එයා එයාගෙ නිරුවත් ශරීරය වටා දෑත් යවමින් එයාගෙම සිරුර ස්පර්ශ කරමින් වෙව්ලමින් හුස්මක් පිට කලා. එයාගෙ කම්මුල් වල තිබූ රෝස පැහැය තවම මැකී නෑ.

එයා කලින් මොන පණ්ඩිත කතා සූබින් එක්ක කිව්වත් මධ්‍යම රාත්‍රියට ළං වෙන්න වෙන්න ජන්ග්කුක්ගේ ගතම භීතියකින්, චකිතයකින් වෙළා තිබුනා.

තවත් විනාඩි කිහිපයක්ම එහෙම හිටපු එයා ඊළඟට ස්නාන තටාකයෙන් එළියට විත් ලෝගුවකින් නිරුවත වසාගෙන එයාගෙ කුටියට පිට වුනා.

එයා යද්දිත් සූබින් සියල්ලම සූදානම් කරලා. ජන්ග්කුක් එනවා දැකලා සූබින් මදහසක් නැගුවා.

"ඔයා ආවද? මං ඔයාට මේ වස්ත්‍රය තේරුවා. ඔයා සූදානම් වෙන්න."

සූබින් එයාට එයාගෙ තියෙන ලස්සනම ඇඳුම වුනු රත්‍රන් පාටින් ගෙත්තම් කල ලා කොළ පැහැ සාම්ප්‍රදායික උඩු කබාය දිගු කරහම ජන්ග්කුක් ව්‍යාකූලව සූබින් දිහා බැලුවා.

ජන්ග්කුක්ගේ මූන දැකලා සූබින් හිනාවුනා.

"ඇත්තටම.. වස්ත්‍ර වල නම් අවශ්‍යතාවයක් නෑ. ඒත් ඔයාට මෙහෙ ඉඳන් නිර්වස්ත්‍රව යන්න බෑනෙ? ඒ නිසා මේ කබාය තමයි ඒකට හොඳටම ගැළපෙන්නෙ. යටින් කිසිම වස්ත්‍රයක් අඳින්නෙ නැතුව මේක විතරක් ඇඳගන්න. දන්නවද අධිරජුගෙ කැමතිම පැහැය කොළ පැහැය."

සූබින් කිව්ව්ම ජන්ග්කුක්ගේ මුහුණ තද රත්පැහැයට හැරුනා.

යන්තම් හිස වනපු එයා හිමින් තිරය පිටුපසට ගිහින් එයා හැඳ සිටි ලෝගුව කකුල් දෙක පාමුලට වැටෙන්න සලස්වා සූබින් දීපු එයාගෙ ලා කොළ පැහැ උඩු කබාය හැඳගත්තා.

වස්ත්‍රය යටින් කිසිවක් නොඇඳම මේ යන්තන් දුහුල් වස්ත්‍ර‍ය අඳිද්දි ජන්ග්කුක්ට පුංචි ලැජ්ජාවක් දැනුනා. ගැටගැසූ වස්ත්‍රයේ පටිය එයා තවත් තද කරගත්තෙ ඒ අඩුව පුරවන්න වගේ.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now