#14. Last Request

24 4 6
                                    

Continuing someone's pov;

ඒ ආවේ දායුන්.

??? : දායු! පැටියෝ! මොකද වුනේ ඔයාට? කරදරයක් නෑනේ?

Dayun : ඇයි මේ ඔන්නි? මොකක්ද වුනේ?

දායුන් ඒ වෙලේ හැසිරුනේ කිසිම දෙයක් දන්නේ නැති විදිහට.

??? : පැටියෝ! ඔයාට මොකුත් මතක නැද්ද?

Dayun : කිව්වේ ඔන්නි?

දායුගේ මේ හැසිරීම නිසා මට තේරුනා එයාගේ මතකය Darkus අයින් කරලා දාලා කියලා. ඒ නිසා මන් දායුන්ව යුන්වුට බාර දීලා අනිත් අයට කියන්න ගියේ දායු හොදින් කියලා.

Jay : ඒක වෙන්න බෑ යුකී! බලන්න කොල්ලෙක් වෙලා අඩුම ගානේ මටවත් මගේ ලේ දකින්න බෑ.

Yuki : ඉතින් අනේ ඒකනේ මන් කිව්වේ දායුව වෙලාවේ පාලනය කරේ Darkus කියලා!

මම එතනට යනකොටත් කට්ටිය මේ ගැන වාද විවාද කරන ගමන් හිටියේ.

??? : අහම්! ළමයි! ඔයාලට කියන්න සුභ ආරංචියක් තියෙනවා!

Beomgyu : මොකක්ද නූනා ! ඔයා ඔය කියන්නේ Darkus මැරිලා කියලද! යේහ්! හුරේ! මිනී! අපි දින්නාආආආ!

මම කියන්නත් කලින් බොම්ග්‍යු මිනාහ්වත් අල්ලාගෙන කෑගහන්න පටන් ගත්තේ ඒක එයාගේ සුපුරුදු විදිහ නිසා.

??? : නෑ නෑ ළමයෝ! ඒක නෙවෙයි.

Minah : ඒකනේ බොමී! පොඩ්ඩක් නටන්නේ නැතුව ඉන්න! අනික ඔයා දන්නැද්ද Darkus එහෙම ලේසියෙන් විනාස වෙන කෙනෙක් නෙවෙයි කියලා?

Yeonjun : ඒකනේ බූරු පැටියා!

Jiyun : අනේ මේ! නවත්තගන්නවද ඔයාගේ ඔය සිගිති ආතල් එක! මොකක්ද චේසූ ඔන්නි සුභ ආරංචිය?

Witches of the Cold Night ✔️Where stories live. Discover now