19

1.1K 185 210
                                    

ඊළඟ දිනට හිරු උදාවුනා.

කලින්දා රාත්‍රියේ ජන්ග්කුක් අධිරජුව මුන ගැහෙන්න ගිය බව මුලින්ම ආරංචි වුනේ මව්බිසවට. පණිවිඩය අහලා මව්බිසවට ඒක විශ්වාස කරන්න බැරි වුනා.

"ම්-මොනවා? කියන්නෙ ජන්ග්කුක් අධිරජු උද්වීපන සමය ගත කරන බටහිර මාළිගයට ගියා කියලද?" මව්බිසව පුදුමයෙන් සේවිකාවගෙන් ඇහුවම සේවිකාව සතුටින් හිස වනමින් එකඟ වුනා.

"එහෙමයි මව්බිසවුනි, එතුමා මධ්‍යම රාත්‍රීයේම පිටව ගිහින්."

"දෙයියනේ.."

මව්බිසවගෙ මුහුණේ පුදුමය මුසු හිනාවක් ඇඳුනා. එයාට ලොකු සතුටක් දැනුනා.

ඒත් දෙයක් මතක් වෙනවත් එක්කම එයාගෙ හිනාව අතුරුදහන් වුනා. එයා ඉක්මනින් සේවිකාව දිහා බැලුවා.

"එ-එතකොට ගිය පයින්ම ආපහු එයා ඇවිත්ද? නැහැ නේද?" මව්බිසව ඇහුවම සේවිකාව හිනාවෙමින් හිස දෙපසට වැනුවා.

"නැහැ මව්බිසවුනි, තවමත් අධිරජුගෙ ඔමේගා නම් බටහිර කැළයෙන් පිට වී නැහැ." සේවිකාව ලැජ්ජාවෙන් ඇඹරෙමින් හිනාවෙමින් කිව්වම මව්බිසවගේ මුහුණෙත් ලොකු හිනාවක් ඇඳුනා.

එයා සැනසීමකින් සතුටකින් ලොකු හුස්මක් හෙළුවා.

"අද උදෑසනම අහන්න ලැබුනෙ කොතරම් නම් සුබ ආරංචියක්ද. එහෙනම් අන්තිමේදි එතුමාගෙ මේට් එක්ක එතුමාගෙ එක්වීම සිදුවුනා." මව්බිසව ජනේලයෙන් ඈත පෙනෙන බටහිර ඉසව්ව දිහා බලන් සතුටින් කිව්වා.

* * * * * * * *

ඒ ඉසව්වේ විහිදී තිබූ විශාල වනාන්තරය කෙරවළේ පිහිටි බටහිර මාළිගයටත් උදෑසන හිරු එළිය පතිත වෙමින් තිබුනා. ඒ හිරු එළිය මාළිගයේ අලංකාරම නිදන කුටියේ ජනේලය තුලිනුත් එබිකම් කරමින් මුලු කුටියම ඒකාලෝක කරලා තිබුනා.

ඒ හිරු එළියම නිදන කුටියේ යහන මත ඇතිරිලි යට ගුලි වී එයාගෙ පපුවට තුරුලු වී නිදා සිටින එයාගෙ ලිලී මලේ සුන්දරත්වය තව වැඩි කරලා කියලා ටේහ්‍යුන් හිතුවා.

මුහුනෙ රැඳුනු මදහසක් සහිතව ටේහ්‍යුන් එයාගෙ පපුවට මූන තියාගෙන නිදාගෙන ඉන්න එයාගෙ ඔමේගා දිහා ආදරෙන් බලන් හිටියා. ජන්ග්කුක්ගේ ගෙල හැමතැනමත් උරහිස් වල දම් පැහැ, රතු පැහැ පැල්ලම් වලින් පිරිලා. ටේහ්‍යුන්ට ඒවා දකිද්දි එයාගෙ ඔමේගා දැන් එයාගෙ විතරමයි නේද කියලා හිතලා සතුටු හිතෙනවට වඩා මේ ලස්සන ලිලී මල පොඩි වුනු එක ගැන දුක් වුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now