episode 04

37 6 10
                                    

episode 04

ruus's p.o.v :

පහුගිය රැයේ මම විදපු හැම භයානක හැගීම් ඔක්කොම මෙහෙය වූයේ මනස කියලා මම ඒ හැමදේම අමතක කරා ..

මායා ඇත්තටම දන්නෙ නෑ මම අද එනබවක්
ඉක්මනට එනව කිව්වට දවසක් කිව්වෙ නෑනේ ..
දැන් තියෙන්නෙ ගිහින්
සප්‍රයිස් කරන්න..

ඒත් මම ඔලුව කස කස කල්පනා කරේ මොකො ඉන්දියාව කියන්නේ නිව්යෝර්ක් නෙවෙයි නෙ .
මෙහෙ නම් මම වැඩි හරියක් ම කරේ පාරවල් වල කරක් ගහපු එක
ඒ හැමදාකම මං ලග මම ආසම සින්දු list එක play වෙන කනට ගහගත්ත hands-free දෙක,මූණ බාගෙකට වහගන්න දාපු කැප් එක ,සමහර වෙලාවට සිගරට් එකක් දෙකක් වරදින්නෙම නෑ ...
මායා ආපු මුල් දවස් වල මම හිතුවේ මට බනි කියලා. මොකද මට මායා ඉන්දියන් කෙල්ලෙක් කිව්ව ගමන් මගේ හිතේ ඇදුනෙ සංස්කෘතිකත්වයේ ලිං පතුලේ ඉදන් ඉන්න කනට ඇහෙන්න වචනයක් කතා නොකරන ඕනාවටත් වඩා ලජ්ජාශීලී ගෑනියෙක් කියලා තමන්ගෙ රෝම කූපේ ඉදන් ම විනයට අනුව හැඩ ගැහුනු කෙල්ලෙක් විදිහට...

හම්මෝ මට වැරදුනා
වැරදුනා කිව්වට ලෙසටම කෙල උනා මගේ මනෝ පාරේ ඉදපු ඉන්දියන් කෙල්ල මායා roommate වෙලා සතියෙන් rip

ඇමෙරීකන් කෙල්ලන්ට සෙකන්ඩ් නොවෙන්න මායා කොටට හිරට ඇදුම් ඇන්දා .
බින්දි තිලක ජූන්කා තෝඩු කෙසෙ වෙතත් එයා හිතුන හිතුන දාට දාන්න පුලුවන් කම්බි ගොඩවල් ඔක්කොම කනේ නහයේ ගහගත්තා. දිගට තියෙන කොණ්ඩෙ කපන්නැතුව සතියෙන් සතියට එක එක colour කරා.කනට ඇහෙන එක කෙසෙ වෙතත් අල්ලපු ගෙවල් ඔක්කෝටම ඇහෙන්න සීනූ කටක් ඒකීට තිබුනෙ.සමහර වෙලාවට මට තමයි ලැජ්ජාව ඔලුවට ගැහුවෙ.
එයා කිව්වේ මට ඕනේ පියාබන්න. කවුරුත් නෑ මෙහෙ හිර කරන්න.
මායාගෙ සංස්කෘතිය මාරයි.එයාලගෙ පවුල් වලින් ලමයින් සංකේතාත්මක ව විවාහ ගිවීස්සනව ඒ වයසෙ ම කොල්ලෙක් ට.
මායා ත් එහෙමයි.
කවදහරි දැන් මායා බදින්න ඕන ඒ කොල්ලව. කොල්ලත් බදින්න ඕන මායාවම.
ඒක මහ ගොන් සිරිතක්.
ඉතින් ඒකී උපරිම ජීවිතේ වින්දා හැබැයි සීමා ඇතුලේ ..
මායා මගේ නිදහස් ජීවිතයට ලෝබ වෙනකොට මම ඒකීව සාරියක් අන්දලා මමම තිලකයක් තියලා ලොකු කරාබු කුට්ටමක් කනේ දාලා මෙහෙන්දි ටිකක් අතේ ඇදල මම වින්දා
සංස්කෘතියෙ සිරිත් විරිත් කොහොම උනත් මම ගහපු මනෝ පාරේ ඉදපු කෙල්ලට හිතින් ආදරේ කරා .
සැබෑ ලෝකේ මං ලග ඉදපු එකීත් එක්ක පොලවෙ පය ගැහුවා..
මොකක්ද හේතුවකට මට මහ පාලුවක් දැනෙනවා.
ඒකී ඉන්දියාවටම අයිති උනත් මට දැනුනෙ ඒක නිවාඩුවක් නෙවෙයි කියලා
මට බය හිතුනා හදිසියේ ඔය නිවාඩුවේ ඒකීව බන්දලා දුන්නොත් ඒකී ඉදී සින්දූර් ගාගෙන සාරි පොටෙන් බාගයක් ඔලුව වහගෙන වලලු හැටක් දාගෙන ලිපක් ලග තෝසේ පුච්ච පුච්ච

The game of death Where stories live. Discover now