CHAPTER FOUR

56 16 7
                                    

ටේහ්‍යුන්ග් දොර වහලා එතනින් යන්න ගියෙ නෑ...එයා එලියට වෙලා තමන් වහලා දාපු දොර ඉස්සරහට වෙලා සිගරට් එකක් මුවේ රඳවාගෙන මහ මූසල බවක් හගවගෙන හිටගෙන ඔහේ බලාගෙන හිටියෙ තමන් තාමත් ඉන්නෙ නිරුවතින් කියන එකත් අමතක කරලා දාලා...

“ජිමින් ඇයි උඹ මං ඉස්සරහට ආවෙ?ඇයි ඇයි ඇයි යකෝ!මං උඹට නෙවෙයි ආදරේ ඒක හරි,ඒත් මං ඔය ඇගට කෑදරයිනෙ බල්ලො...”

ටේහ්‍යුන්ග් සැර වැඩිම ජාතියෙ වයින් වලින් බෝතලයක් පිටින්ම කෙමෙන් හිස් කරන ගමන් අනික් අතින් තමන්ගෙම කෙස් හරි වේගෙන් පිටුපසට ඇදගන්න ගමන් කෑ ගහන ගමන් එහෙට මෙහට ඇවිදින්න ගත්තෙ හදිසියෙන් වගේම ආවේගයෙන්...

නින්ද එක්ක තමන් වෛර බැන්දෙ කොයි කාලෙද එයාට මතක නැති ජියොනුත් මේ දිහා අප්ස්ටෙයා එකේ තමන්ගෙ රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියා.කොච්චර වෙලා එයා එතන හිටියත් මිස්ටර් ජියොන්ව ටේහ්‍යුන්ග්ගෙ ඇහැට අහුවුනේ නැති එක පුදුමයක් නොවෙන්න ඇත්තෙ ටේ හිටියෙ හොද සිහියෙන් නොවුණු නිසා වෙන්න ඇති...

ටේහ්‍යුන්ග් මීට කලිනුත් කෙල්ලො කොල්ලො වෙනසක් නැතුව මේ ගෙදරට ගෙනල්ල මේ රූම් එකේදිම එයාල එක්ක සෙක්ස් කරලා තියෙන බව මිස්ටර් ජියොන් හොදටම දන්නවා වුනත් ටේහ්‍යුන්ග් සෙක්ස් එකකට පස්සෙ මේ විදියට රූම් එකෙන් එළියට ඇවිත් කෑ ගහල දගලලා කලබල කරන විදියෙ හැසිරීමක් එයා දැක්ක පළවෙනි වතාව මේක වුණා...

කිසි දෙයක් නොකර රූම් එක ඉස්සරහට වෙලා පැය දෙකකට ආසන්න වෙලාවක් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටපු ජියොන් එතනට ආවෙ ටේහියුංග් එහෙම්මම රූම් එක ඉස්සරහ බිම නින්ද ගිහිං ඉන්න බව දැකලා...

ටේහ්‍යුන්ග් පරිස්සමෙන් අත් අතරට ගත්ත ජියොන් ටේව එයාගෙ රූම් එකට අරගෙන ගිහින් ඇදේ හාන්සි කරවලා නිරුවත් ඒ ඇගට ඇදුමක් දාන්නවත් උත්සහ නොකර ඇග වැහෙන්න ඩුවට් එකක් විතරක් පොරවලා ටේහ්‍යුන්ග්ගෙ නළලෙන් කිස් එකක් අතුරලා එතනින් ආවෙ මොකක් නමුත් ප්‍රචණ්ඩ හැසිරීමක ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්...

ඊළගට මිස්ටර් ජියොන් කෙලින්ම ගියේ ටේ අද ගෙනාපු ළමයා ගැන බලන්න.මොකද එයා දැනගෙන හිටියා අද ඒ ගෙනාපු කෙනාගෙ මොකක් නමුත් සම්බන්ධයක් ටේටේගෙ හැසිරීමට බලපෑව කියලා...

DADDY'S LOVE || JIKOOKTahanan ng mga kuwento. Tumuklas ngayon