06

249 37 34
                                    

ඇත්තටම හැමදෙයක්ම හිර කරගෙන ඔයාට ඔහොම ඉන්න පුලුවන් ද? ඔය තරම් මුරණ්ඩු ඇයි ඔයා? හදවත කියන්නේ වම් අත මිට මොලවපුවම පේන විදිහෙ හරි පුංචි දෙයක් සෞම්‍ය! ස්ථර තුනක්ම ආරක්ෂාවට තිබුණත්, හදවත වට කරගෙන පර්ශු කූඩුවක් තිබුණත්, බාහිරින් එන කම්පන දරාගන්න මේද ස්ථර...

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඇත්තටම හැමදෙයක්ම හිර කරගෙන ඔයාට ඔහොම ඉන්න පුලුවන් ද? ඔය තරම් මුරණ්ඩු ඇයි ඔයා? හදවත කියන්නේ වම් අත මිට මොලවපුවම පේන විදිහෙ හරි පුංචි දෙයක් සෞම්‍ය! ස්ථර තුනක්ම ආරක්ෂාවට තිබුණත්, හදවත වට කරගෙන පර්ශු කූඩුවක් තිබුණත්, බාහිරින් එන කම්පන දරාගන්න මේද ස්ථරයක් වටේට තිබුණත් ඒ හැම ආරක්ශකයෙකුටම දරා ගන්න පුලුවන් උපරිම අවස්ථාවක් එනවා. එතනින් පොඩ්ඩක්, පිකෝ මීටරයක් පැන්නත් ඇති ඔය හදවත කෑලි කෑලි වලට සුනු විසුනු වෙලා යන්න. ඒත් ඔයාගෙ හදවත දැනටමත් බිඳුණු එකක්. එහෙම ආබාධිත හදවතකට කොහොමත් ඔච්චර බරක් දරන්න බෑ සෞම්‍ය. මේ ලෝකෙ හැමෝම ඔයා හිතන තරම් නරක නෑ. එනිසා හොඳ මිනිස්සුන්ට ඔයාට ළං වෙන්න ඉඩ දෙන්න. ඔය බිඳිච්ච හදවත ටිකෙන් ටික ආදරය කියන ඔසුවෙන් සුවපත් කරන්න එයාලට ඉඩ දෙන්න. කෙනෙක් ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙනවනම් කවදාවත් ඒ උදව්ව ප්‍රතික්ෂේප කරන්න එපා.

මේ ටික එයාට තේරුම් කරලා දෙන්න මම මොනතරම් උත්සාහ කළා ද? එයා ඒක තේරුම් ගත්තනම්. ඒ හදවත පරිස්සමින් වැළඳගෙන ඉන්න මට ඉඩ දුන්නනම්.

ඇත්තටම හදවතත් වතුරෙ පාවෙන ලීකුට්ටියක් වගේ. රුධිරය කියන තරලයේ ගිලිච්ච ලී කුට්ටියක්. පහළට ක්‍රියාකරන බරෙයි ඉහළට ක්‍රියා කරන උඩුකුරු තෙරපුමෙයි බලපෑමෙන් සමතුලිත වෙලා උරස් කුහරයේ නතර උනු ලී කුට්ටියක්. හදවතට උහුලන්න බැරි තරම් වේදනාවක් දැනෙද්දි හදවතේ බර වැඩි වෙනවා. හරියට වතුරෙ පාවෙන ලීකුට්ටියේ තැනින් තැන තියෙන ලී අංශු ටිකෙන් ටික යකඩ බවට පත් වෙනවා වගේ. ලී කුට්ටියේ ගිලුණු පරිමාව වැඩිකරගෙන උඩුකුරු තෙරපුම වැඩි වෙනවා.ඒ නිසා ලීකුට්ටිය පතුලටම නොයා ඉන්නවා. ඒත් එක වෙලාවකදි ඒ ලීකුට්ටිය සම්පූර්ණයෙන් ගිලිලා පාවෙන්න ගන්නවා. එතනදි තමයි උපරිම උඩුකුරු තෙරපුම තියෙන්නෙ. තව එක යකඩ අංශුවක් හරි වැඩි උන ගමන් ඒ බර තුලිත කරන්න තවදුරටත් උඩුකුරු තෙරපුමට බෑ. ඒනිසා ලී කුට්ටිය පතුලටම ගිලා බහිනවා. දැනෙන වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න හදවතේ බර වැඩි වෙනවා. ඒත් මේකෙත් තියෙනවා උපරිම උඩුකුරු තෙරපුමක්. එතනට වෙනකන් හදවතේ වේදනාව එකතු වෙවී තියෙනවා. ඒත් කොයිම හරි මොහොතක අර උපරිම අවස්ථාව පහු කරලා වේදනාව එකතු වෙනවා. ඒ තමයි මනුස්සයෙකුගේ උපරිම දරා ගැනීමේ සීමාව. ලී කුට්ටියේ උපරිම උඩුකුරු තෙරපුම වගේ.

Someone I can't forget (COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang