13th moon

18 8 2
                                    

ටේහියුන්ගෙ දත් ටිකත් ලේ වලින් රතු පාට වෙලා තිබ්බෙ ලේ බීලා වගේ. යේජින් හිතුවෙ ඇත්තටම ටේහියුන්ගෙ දතක් කැඩිලා කියලා.

"ඇයි එකක් අඩුද?? ම්හු.. තියෙනවනේ... ඒත් අර මිනිහ ගහපු විදියට මගෙ මොලේ හෙල්ලුනා වගේ.. ඔයා ආවෙ නැත්තන් මන් ඕකව..- "

"කට වහගන්නවා! අදට... අදට විතරක්! මන් ඔයාට මගෙ බාත් රූම් එක යූස් කරන්න දෙනවා. ගිහින් හෝඳගෙන එනවා ඔය මූණ! "

ටේහියුන් රටක් ලෝකයක් දින්න ගානට යේජින්ගෙ කැබින් එකේ තියෙන වෙන කාටවත් යන්න ඉඩ නොදෙන බාත්රූම් එකට ගියෙ.

"වාහ්... ඒකෙ තියෙන හැම එකම සුවඳයි... අර බොඩි වොශ් එක- "

ටේහියුන් එලියට ආව වෙලේ ඉඳන් එක එක ඒවා කියෙව්වත් යේජින් ඒ කිසිම එකක් ගනන් නොගෙන ටේහියුන්ව ආපහු පුටුවෙ ඉන්දවලා මූන පුරා ප්ලාස්ටර් කෑලි අලවන්න ගත්තා.

"ඔයා තාම මට ආදරෙයි නේද නූනා.. "

"නැහැ! "

"එහෙනම් ඔයා ජැක්සන්ටත් බෙහෙත් දාලා දෙන්න එපැයි. ඇයි මට විතරක්- "

"යනවා යන්න දැන් මෙතනින්- හේතුව මොකක් වුනත් ඔයාලා දෙන්නා ආයෙ පැටලෙන්නෙ නැතුව ඉන්නවනම් හොඳයි !! "

"හේතුව ආරෝ! ඌ ඊරිසියයි මට! "

"ඒ මොකටද? ! "

"මන් නිතර ආරෝව දකින නිසා වෙන්න ඇති. "

ටේහියුන්ග් එහෙම කිව්වාට පස්සෙ දවසෙ ජැක්සන් කිව්වෙ වෙන කතාවක්.

"කිම් ටේහියුන් මට ඊරිසියයි. මන් මැඩම් එක්ක ඉන්න නිසා. "

යේජින් තේරුම්ගත්තා දෙන්නාට දෙන්නා ඊරිසියයි කියලා.

"මට හිතාගන්න බැහැ ජැක්සන් ඔයා පොඩි ලමයෙක් නිසා- හොඳයි , ආරො නිසා ටේහියුන් එක්ක රන්ඩු වුනා කියලා! "

"ආයෙ එහෙම වෙන්නැ මැඩම් "

එහෙම කිව්වට ඔෆිස් එකෙන් එලියෙදි ටේහියුන්ග් ජැක්සන් දෙන්නම ඔය පොරොන්දුව කඩලා තිබුන බව යේජින්ට එහෙන් මෙහෙන් ආරන්චි වුනා. ඒත් යේජින් ඒවට අත දාන්න ගියේ නැහැ. යේජින් දැනන් හිටියෙ නෑ එයාලගෙ ඊරිසියාකාර යුද්ධෙ තමන්ට බලපාන විදිය ගැන.

YOUR MOON _ JIN_ [Completed ] Where stories live. Discover now