21

929 171 144
                                    

"ඕ~ මේ මොනවද?"

ජන්ග්කුක් දුවලා ගියේ අයිස් ක්‍රීම් විකුණන වෙළඳසැළකට. ජන්ග්කුක් පළවෙනි වතාවටයි අයිස්ක්‍රීම් දැක්කෙ.

"ඔහ් ගන්න ගන්න, එකේක රසයන්ගෙන් තියෙනවා. කැමති එකක් අරන් රස බලන්න." වෙළඳසැලේ හිමියා කිව්වා විතරයි ජන්ග්කුක් පැනලා ඒ අරුම පුදුම ආහාරය අතට අරන් පුදුමයෙන් ඇස් ලොකු අරන් මුලින්ම ඇස් දෙකෙන් රසවින්දා.

"එ-ඒක සීතලයි!"

ජන්ග්කුක් උද්‍යෝගයෙන් කෑගහලා බැලුවෙ එයාට පිටුපසින් ආව ටේහ්‍යුන් දිහා බලමින්. ටේහ්‍යුන්ට නම් මේ ඔමේගාගෙ හුරතල් හැසිරීම් දැකලා හිනා.

"ටේහ්‍යුන්ගි ඔයා මේවා කාලා තියේද?"

ජන්ග්කුක් පුදුමයෙන් ඇහුවා.

"හ්ම්ම්.. ඔව් පැටියො, ඕක ඉක්මනින් කන්න දියවෙයි." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් ඉක්මනින් අයිස්ක්‍රීම් එකේ උඩකොටසම කටේ ඔබා ගත්තේ ආහාරයට ගන්න විදිහ නොදන්න නිසා. ඒත් සීතල එකපාරටම ආපු නිසා කෑගහමින් දැඟලුව ජන්ග්කුක්ගේ අත දිගෙත් අයිස්ක්‍රීම් බේරුනා. ටේහ්‍යුන් හිනාවෙමින් එයාගෙ ලේන්සුව අරන් එයාගෙ ඔමේගාව පිහදැම්මා.

"හිමින් කන්න, ඕවා එච්චර ඉක්මනින් දියවෙන්නෙ නෑ." ටේහ්‍යුන් කිව්වා.

ජන්ග්කුක් ඒකෙ රසට උමතු වැටුනා. එයා නොපැකිළව තව එකක් අරන් ආහාරයට ගත්තා.

"එක අයිස්ක්‍රීම් එකක් කාසි දෙකයි." වෙළඳසැල් හිමියා කිව්වේ ටේහ්‍යුන්ට.

"ඔහ්."

ටේහ්‍යුන් එයාගෙ පසුම්බිය අරන් මුදල් ගෙවන්න හැදුවත් ඊළඟට එයාව දෙලෝ රත්වුනේ මුදල් සේරම ඉවර වුනා නේද කියලා මතක් වෙද්දි. පසුම්බියෙ එක කාසියක්වත් තිබුනෙ නෑ. උදේ ඉඳන් ගත්ත ආහාර වලටත්, විශේෂයෙන් ටිකකට කලින් ඔමේගාට මිලදී ගත් ලස්සන මිල අධික ආභරණයටත් විශාල මුදලක් වැයවෙලා තිබුනේ අරන් ආපු මුදල් සේරම අවසන් කරමින්.

"අ-ආයිශ්"

ටේහ්‍යුන් ලොකු චකිතයකින් වෙළඳසැල් හිමියා දිහා බලලා අපහසුවෙන් හිනාවුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now