ජිමින් එයාගෙ බොලද කටහඩින් ජුන්කුක්ව නවත්තන්න හදනකොට තවත් ජිමින්ට ලං උනු ජුන්කුක්, ජිමින්ගෙ සිනිදු තොල් එලාගෙ සම්පූර්න අනිත්ම වහන ගමන්
"නෑ.... අද ඔයා මට ඇහුන් කන් දෙන්න ඕනෙ..."
කියලා ටිකක් ආදරනීය විදිහට කිව්වා. කොහොම උනත් ජිමින් මුකුත්ම නො කර ජුන්කුක්ගෙ ඇස් දෙක දිහාම බලන් හිටියා. ඇත්තටම ජිමින් මෙහෙම දග නොකර ජුන්කුක් දිහා බලන් ඉන්න එක ජුන්කුක්ට ලොකු සැනසීමක් උනා.
"එදා....... එදා... මට ඕනෙ උනේ ඔයාට... මට හිතුන දේවල් ඔක්කොම කියලා ඔයාගෙ හිත හදන්න... ඒත් ඔයා... එදා කියෙව්වෙ මං හීනෙකින්වත් නො හිතපු දේවල්... ඔයා හොදට ම දන්නවනෙ... මම... ඔයාව තල්ලු කරන්න හැදුවෙ නෑ කියලා... ඒ කොහොම උනත්... ජිමින්... මට ඕන උනේ නෑ... ඔයාගෙ අයියව ඔයාගෙන් උදුර ගන්න... ඇත්තටම.. මම දැනගෙන හිටියෙ නෑ.. ඔයාගෙ අයියා.. හොස්පිට්ල් එකේ ඉන්නෙ කියලා... ඇත්තටම මට ඔයත් එක්ක.. ඊට කලින් උනු දවසෙ සිද්දියත් එක්ක ටිකක් තරහ ගිහින් හිටියෙ... ඒකයි මං එහෙම කලෙ... ඇත්තටම මට සමා වෙන්න... මම කලින්.. ඔයා හැම වෙලේම කලබලෙන් ඉන්න ඔයාගෙ අයියා නිසා කියලා දැන ගත්ත නම්... අපේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා... කොහොම උනත් ඔයා මට අන්තිමටම කිව්වෙ මිනීමරුවෙක් වගෙ ජීවත් වෙන්න කියලනෙ... දැන් අවුරුදු 8ක් තිස්සෙ.. මට එහෙම ජීවත් වෙලා ඇති වෙලයි තියෙන්නෙ... ආයිත් සමාවෙන්න... හැම වෙලේම වැරදි තීරන ගත්තට..."
ජුන්කුක්ගෙ කදුලු වැටෙන ඇස් දෙකෙන් ජිමින් දිහා බලන් එක දිගට කියා ගෙන ගියා. ඒත් ජුන්කුක්වත් ජිමින්වත් එයාලගෙ ඇස් එයාලගෙන් ඉවතට ගත්තෙ නෑ. ඒ කොහොම උනත් ජුන්කුක් මෙහෙම කියලා අවසානෙදි හොද හුස්මකුත් පිට කරලා එයාගෙ අත බුරුල් කරලා ආපස්සට හැරිලා යන්න ගියා.
ජිමින්ට මේ මුකුත් නොතේරුනාට මේ වෙලෙ ගොඩාක් දුක හිතුනා. ඒ උනත් ජිමින්ට ජුන්කුක්ව නවත්තන්න බැරි නිසා බිත්තිය ලගට වෙලා බලන් හිටියා. කොහොම උනත් ජිමින්ගෙන් වෙන් වෙලා ගිය ජුන්කුක් ආයිත් ආපස්සට හැරෙන ගමන් එක පාරට ජිමින්ගෙ තොල් එයාගෙ කර ගත්තා. ටිකෙන් ටික මේ හාදුවේ අන්තෙටම ගිය ජුන්කුක් ජිමින්ව වඩා ගත්තා.
මේ වෙලෙත් දග නොකර හිටිය ජිමිනුත් ජුන්කුක්ව සම්පූර්නෙන්ම වින්දා. ජුන්කුක්ගෙ වගේම ජිමින්ගෙත් ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා. කොහොම උනත් ආයිත් එක පාරට ජිමින්ගෙන් ඈත් උන ජුන්කුක් දොරත් ඇරන් යන්න ම ගියා.
THE END ❣
YOU ARE READING
-Clean-Sweet-White- [BTS සිංහල - Completed]
Teen Fictionඅවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?