හොර රවුඩි

778 109 4
                                    


" මං හෙල්මන්ට් එකත් දාගෙන බයික් එකේ ඉස්සරහින් නැගගෙන හිටියෙ අරූ ආපු ගමන් ටාර් ගාලා ඉගිල්ලෙන්න. අද යන්න තියෙන ගමන සෑහෙන්න ඩේන්ජරස් එකක්. හොස්පිටල් ඇඩ්මිඩ් වෙන්න කන්න හෝ කෙලින්න තමයි තියෙන්නෙ අද . ඩීල් හරියට ක්ලෝස් නොකරම අපි තමයි කට්ට කන්න ඕනෙ. අපෙ අයියා බූරුවා කවදාවත් ඕක තේරුම්ගන්නෙ නෑනෙ !!!

" ඒ රවුඩි .... මොකෝ යන්න හදිස්සි කෑල්ලවත් බලන්න යන්න තියෙනවද ??

" ඒපාර නමකුත් හදාගත්තද ? මැරුම් කන්න තමයි ඉතිං ඔය උඹ හදන්නෙ ධවාන්...!!!

" ඒ නම ලස්සනයි බං උඹට වරුණ් කියනවට වඩා. රවුඩි ... බලපන්කො ඒ නමේ තියෙන ගැම්ම...

" ගැම්ම පෙන්නනව මං උඹට බිම පෙරලගෙන , පරක්කු වෙනවා නැගපිය පයියක් කියවන්නෙ නැතුව!!!
.මං බයික් එක ගන්නං , නැත්තං උඹ එක්ක ගියොත් මට එයාපෝට් යන්න වෙන්නෙ හෙට...

" එයස්පෝට් !!! ... උඹ මෙහෙන් යනවද වරුණ් ???

" හ්ම්ම් .... ඔව් !!! ඇයි මොකෝ අව්ල..??

" මං මෙහෙන් යනව කිව්වා විතරයි පිපිච්ච මලක් වගේ තිබ්බ ධවාන්ගෙ මූණ පරවුන මලක් වගේ ඇකිලිලා ගියා. මැර හිතටකට උනත් ඒවගේ හැඟීමක් දරාගන්න අමාරුයි !!!

ඇත්තටම කිව්වොත් මේ වෙද්දි ධවාන් ගැන මටත් නොතේරෙන මොකක්ද මන්ද හැඟීමක් මගෙ හිතේ ඇතිවෙලා කියල මට තේරුනා. ඒත් මං ඒක තේරුම්ගන්න උත්සහ කරේ නැත්තෙ මං නිසා ධවාන්ගෙ ජීවිතේට හොඳක් වෙන්නෙ නෑ කියල දන්න හින්දා....

" නෑ මොකුත් අව්ලක් නෑ...ආයි කවද්ද එන්නෙ ???

" ආයි ලංකාවට එන්නෙ නෑ . ඩීල් එක ගාණට ක්ලෝස් උනොත් එහෙම නවතිනව. මෙහෙ ආවා කියල කරන්න දේකුත් නෑනෙ !!!

" හ්ම්ම්ම්... හම්බුනා විතරයි උඹත් මාව දාලා යන්න යනව නේද වරුණ් ???

" මේ.... මං උඹට කිව්වා මාත් එක්කනං හුරතල් වෙන්න එපා කියල හරී...!!! නහයෙන් අඬනව මෙතන...

" වරුණ් මෙහෙමම අපේ ගෙදර යමන්කො දෙන්න දෙයක් තියෙනව උඹට. ප්ලීස් එපා කියන්න එපා...

" පාර කියපන්..!!

" පැයක් වගේ යද්දි මං බයික් එක අරං ආවෙ ධවාන් කිව්ව ගේ ගාවට. ඌ බැහැල ගේට් එක ඇරපු නිසා මං බයික් එක ඇතුලට දැම්මා. ඒක හරි ලස්සන ගෙයක් තට්ටු දෙකයි. ලොකුත් නෑ පොඩිත් නෑ ගාණට. ගේ ඩිසයින් කරේ කවුරු උනත් සුපිරි වැඩ්ඩෙක්. තනි සුදු ගාපු ගෙයි අලු පාටින් අමුතුම ඩිසයින් එකකට වහලෙ ගහල තිබ්බා. මූ බයික් එකේ ආවට කාර් එකකුත් තියෙනව කියල දැක්කෙ ගැරෙජ් එක දිහා බැලුවහම...

RioWhere stories live. Discover now