23

985 196 120
                                    

අධිරජුගේ කඩුව ඇදී ඇවිත් කෙලින්ම නැවතුනේ මුන්ගි වෙදදුරුගෙ ගෙල අසල. එයා බයෙන් වෙව්ලමින් කඩුව දිහා බලා හිඳියා.

"මොකද්ද තමුන් කිව්වේ? විශ්වාසයක් නෑ? තමුන්ට එයාලගෙ ජීවිත බේරගන්න බැරි වුනොත් තමුන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි!!"

අධිරජු කෑගැහුවා.

එයාගෙ ඔමේගාව එයාගෙ ප්‍රධාන මාළිගයට ගෙනවිත් යහන මතින් ඇල කරලා තිබුනා. ටේහ්‍යුන්ව හොඳටම බය කරමින් ජන්ග්කුක්ගේ යටි වස්ත්‍රයන් රුධිරයෙන් නැහැවී තිබුනා.

"අ-අපි උත්සාහ ක-කරන්නම් අධිරජුනි."

"අනිවාර්යෙන් කරපන්!"

කෑගැහුව අධිරජු කඩුව ආයෙත් කොපුවට දාගෙන ඊළඟට කේන්තියෙන් ගියේ මාළිගයෙන් එළියට. එයා යද්දිත් මාළිගය ඉදිරිපිට සෙන්පතිගේ බලකාය රැස්ව හිඳියා.

"සෙන්පති, මාළිගය වටේටම සෙබළු යොදා ආරක්ෂාව සපයන්න."

"එහෙමයි!"

නම්ජුන් කියලා ඉක්මනින් එයාගෙ සෙබළුන්ව මාළිගය වටා ස්ථානගත කරන්න පටන් ගත්තා.

"එකඳු ඇල්ෆාවෙක් මගෙ ඔමේගාට ළං වෙන්න උත්සාහ කලොත් මරණය නියතයි. මගේ අවසරයකින් තොරව කවුරුන් හෝ මේ දොරටුවෙන් ඇතුලු වෙන්න උත්සාහ කලොත් තරාතිරම නොබලා එවෙලෙම මරාදමන්න සෙන්පතිට බලය පවරනවා."

නම්ජුන්ගේ දෑස් කම්පනයෙන් විශාල වුනා. අධිරජු කියාගන්න බැරි තරම් කෝපයකින් ඉන්නෙ කියලා එයාට තේරුනා.

"එ-එහෙමයි."

ඊළඟට අධිරජු ක්ෂණිකයෙන් එයාගෙ කළු දැවැන්ත වෘකයාට පරිවර්තනය වුනා. සැරින් සැරේ ගෙරවුම් පිටකරමින් තියුණු දෑස් වලින් අවධානයෙන් වටපිට බලමින් එයා මාළිගය වටා සක්මන් කලේ එයාගෙ ඔමේගාගෙ ආරක්ෂාවට.

* * * * * * * *


මව්බිසව මේසෙට හිස බරකරගෙන ලොකු කල්පනාවක. එයාගෙ මනස අව්ල්ජාලයක් වෙලා. ඉදිරියේදි අධිරජුට වෙන්න යන්න ගැටළු ගැන මතක් වෙද්දිත් එයාගෙ හිස කකියන්න ගත්තා.

"මව්බිසවුනි?"

සේවිකාවගේ හඬින් මව්බිසවගේ හිස එසවුනා. සේවිකාව ප්‍රධාන මාළිගයේ ඉඳන් ඇවිත් තිබුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now