24

874 189 115
                                    

මින්ජිව හමුවෙලා එයාගෙ කුටියට යද්දි ජන්ග්කුක් එයාගෙ නින්දෙන් ඇහැරෙමින් හිටියා.

"ඔයාට දැන් කොහොමද පැටියො?"

ටේහ්‍යුන් කියලා ජන්ග්කුක් ගාවට ගිහින් එයාට ඇඳ වියල්ලට හේත්තු වෙන්න උදව් කලා. ඒත් ජන්ග්කුක් පිළිතුරක් දෙනවා වෙනුවට ටේහ්‍යුන්ව වැළඳගන්න උත්සාහ කරද්දි ටේහ්‍යුන් ඉක්මනින් එයාගෙ ඔමේගාව තුරුලු කරගත්තා. එයා දැක්කා ජන්ග්කුක්ගේ මූන කොතරම් නම් සුදුමැලි වෙලාද කියලා.

"මොකද්ද ප්‍රශ්නෙ මැණික?" ටේහ්‍යුන් ආදරෙන් හිස අතගාමින් ඇහුවේ එයාගෙ සුවඳ තදින් ඉවකරන එයාගෙ ඔමේගාගෙන්.

ඒත් ජන්ග්කුක් එකපාරටම කලබල වුන බවක් පෙනුනා. එයා ඉක්මනින් ටේහ්‍යුන්ගෙන් ඈත් වුනා වගේම ඔක්කාරෙට ආපු නිසා ඉක්මනින් අතින් මුව වසාගත්‍තා.

සිද්ද වෙන්න යන දේ තේරුනු ටේහ්‍යුන් ඉක්මනින් ජන්ග්කුක්ව ඔසවගෙන මාළිගයේ පිටුපස අංගනයට ගියා.

එයා සෑහෙන වේලාවක් ඊයෙ රාත්‍රියේ ආහාරයට ගත් සේරම වමනය කලේ ටේහ්‍යුන්ව කනස්සලු කරමින්. ඒත් ඊළඟට එයාව හොඳටම බය කරමින් ජන්ග්කුක් ආයෙත් සිහි නැතුව එයාගෙ අත්මතට වැටුනා.

ක්ෂණිකයෙන් අධිරජ මාළිගයට වෙදදුරන් කැඳවුනා.

"අ-අධිරජුනි, ගැබ්ගෙන ඉන්නකොට මේ ලක්ෂණ සාමාන්‍යයි-"

"මං මෝඩයෙක් කියලා හිතුවද ආ!! මොන එහෙකටද එහෙනම් එයාගෙ මුලු ඇඟම රස්නෙ?!"

ටේහ්‍යුන් කේන්තියෙන් කෑගැහුවා. ඔව්, ජන්ග්කුක්ට මේ වතාවෙ හොඳටම උණ අරගෙන තිබුනේ වෙදදුරාත් ටිකක් කලබල වෙද්දි. මොකද ගැබ්ගෙන ඉන්න සමයෙ ඇඟ උනුසුම් වෙන්නෙ යහපත් දේකට නෙමෙයි.

වෙදදුරන්වත් ටේහ්‍යුන්වත් හොඳටම බය කරමින් ජන්ග්කුක්ට සෑහෙන්න වෙලාවකින් සිහිය ආවෙ නෑ.

"අ-අධිරජුනි කලබල වෙන්න එපා. උණ බහින්න බෙහෙත් කලා. ඒත් මට වෙන කිසිම වරදක් එතුමාගෙ පෙනෙන්නෙ නෑ." මුන්ගි අන්තිමේදි අසරණව කිව්වේ ටේහ්‍යුන්ව වියරු වට්ටමින්.

"මොකද්ද තමුන් කිව්වෙ?! මගෙ ඔමේගට හරි කුසේ ඉන්න එක පැටියෙක්ට හරි කරදරයක් උනොත් මං තමුන්ව-"

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now