අයියා දොළහ ශ්‍රේණියට ඇතුලු වී මසක් පමණ ගෙවිනි. වැඩිමල්ම පන්තිය උසස් පෙළ සඳහා සහභාගීවන බැවින් නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කෙරෙනි. මා හා අයියාද ඒ සඳහා අයදුම් කළ බැවින් අපද සුදුසුකම් ලැබූ නමුත් බැජ් පළන්දන්නටත් ප්‍රථම අප දෙදෙනාට ගුණයහපත් අයවලුන් වන ආකාරය කියාදෙන්නට බොහෝ දෙනා සිටියහ.
එවර ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස නම් කර තිබුණේ විධාර අයියාය. එය සියලු දෙනා වෙන බව දැන හුන් දෙයකි. ඉතින් උත්සවය සංවිදානය කිරීමේ සියලු වගකීම් තිබුණේ ඔහුගේ කරේය. හොඳම දෙය නන් උත්සවයට සතියක් තබා ශිෂ්‍යනායක මණ්ඩලයට සවස පාසලේ නැවතී උත්සවයේ වැඩ කටයුතු කිරීමට සිදුවීමයි. ඉතින් පාසල නිම වූ විගස පාසලේ ප්‍රධාන ශාලාව වෙත ගියෙමි. පළමු දිනයේ මුලින් ම කළේ වැඩ බෙදා දීමයි. විධාර අයියා කොළයක් බලාගෙන වේදිකාව මත සිටගෙන ඔහු ඉදිරියේ අඩ කවයක්ව සෑදී සිටි අපට වැඩ බෙදාදෙයි. ඔහු පැය භාගයකට ආසන්නවම නොයෙක් වැඩ රාජකාරී සැමට පැනවූවත් මට ඒ කිසිවක් ඇසුනේ නම් නැත. මා වශී වී මෙන් ඔහු දෙසම බලා උන්නෙමි. නමුත් ඔහු, ඔහු මා වන් අයෙක් මේ අවකාශයේ හෝ ජීවත් වන බව නොදනී. නමුත් දුර හිඳ මෙලෙස ඔහු දෙස බලා හිඳීමම සමනලුන් නළියන තරමේ සතුටකි.
සෑම වසරක මෙන් ම මේ වසරේද ශිෂ්‍ය නායක නිල ලාංඡන සාදා දීම කරන්නේ අපේ තාත්තාය. වෙනස වන්නේ මෙවර එය ව්‍යාපාර මට්ටමෙන් නොකර පෞද්ගලිකවම තාත්තාගේ මුදලින් පාසලට ලබා දීමට කටයුතු කිරීමයි. එලෙසම උත්සවයට අදාල සියලුම බඩු බාණ්ඩ සපයන්නේද තාත්තා බැවින් මගේත් අයියාගේත් නම් එම කොළයේ කියවුණේ නැත. ඉතින් ඔහුගේ මුවින් මගේ නම පිටවෙන තෙක් බලාහුන් මාගේ සියලු පැතුම් විනාශ වී ගියේය. කියන්නට අමතක වූ කරුණ නම් අප ප්‍රදේශයේ ඇති විශාලම ගෘහභාණ්ඩ සහ උත්සව භණ්ඩ අලෙවි සැල අපගේ තාත්තාගේ බවයි. එසේ කියන කළ මට යමක් සිහිවිය.
"මට නිකන් හිතෙනව ඕයි අපි දෙන්නට බැජ් දෙන්නෙ තාත්ත බැජ් හදල දෙන හින්දද කියලත්."
අයියා කිව්වේ අප දෙදෙනා ශිෂ්‍යනායකයන් ලෙස තේරී ඇති බව දැනගත් දිනයේය.
"ඇයි ඒ එහෙම කියන්නෙ."
බසයෙන් බැස අයිස් පැකැට්ටුවක් විවෘත කරමින් පයින් නිවස බලා යාමේදී මා ඇසුවෙමි.
YOU ARE READING
පෙම් වස්
Randomඅවුරුදු පහළවක් තනියම ආදරේ කරන එක ලේසි දෙයක් නෙවෙයි මින්දුනී. ඒත් මම තාමත් ඒ පාසල් කාලෙ මගෑරිච්ච බෝල ඇස් තියන දඟකාර ගෑණු ළමයව හොයනව. ඒ වගේම කවදහරි එයා මගේ වෙනකන් බලාගෙන ඉන්නව. 'V...