1

497 30 18
                                    

"ලියෝ.. බබා දවල්ට මතක් කරලා බෙහෙත් ටික බොන්න ඕනෙ හරිද.. මම කෝල් එකක් දෙන්නම්."

"ම්ම්ම්....."

"........... කෝ එන්න ලඟට."

බෑග් එක අරන් දොර ලඟටත් ගිය චනිතු ආයෙම හැරිලා ඇවිත් ලියාන්ව හෙමීට අතින් අල්ලන් එයාට තුරුලු කරගත්තේ ලියාන්ව ලාවට ඇල්ලුවත් කුඩු වෙලා යයි වගේ පරිස්සමින්. ඒත් එක්කම චනිතුගෙ පපුවට තද උන ලියාන් ආයෙම අඬන්න ගත්තේ චනිතුගෙ හුස්මත් මොහොතකට නවත්තන ගමන් වගේ.

"ලියෝ.. ප්ලීස්... ඔයා මාවත් අසරණ කරනවා බබා."

"අ.. අනේ නිතූ.." චනිතුගෙ ෂර්ට් එක මිරිකගෙන ලියාන් තවත් හයියෙන් අඬන්න ගත්තා. ලොකු හුස්මක් පහත හෙලපු චනිතු, ලියාන්ගේ ඔලුව මුදුනට හාදුවත් තියලා එක අතකින් ෆෝන් එක එලියට ගත්තා.

"ඩෑඩ්.. can u do me a favor?"

"........."

"will all my patients be assigned to Dr. Abby? plz dad.."

"........."

"sure dad.. thank u"

ෆෝන් එක සෝෆා එක උඩට විසිකරපු චනිතු ලියෝව චුට්ටක් එහාට කරලා ටයි එක බුරුල් කරා.

"කෝ එන්න දැන් මෙහෙට. ඔන්න අද දවසම මං ඔයත් එක්ක හරිද.. හොඳ බබා වගේ අඬන එක නවත්තන්නකෝ. එන්න අපි යමු ආයෙ ටිකක් නිදාගන්න. ...... බෑ කියලා කොහොමද ලියෝ. ඊයෙ මුලු රෑම ඇහැරලා. ඔහොම හිටියොත් බෙහෙත් ගන්න වෙන්නෙ වෙන මොකකට හරි තමා."

"ඉතින් බනින්නේ.."

"බනින්න නෙවෙයි ඕනේ. එනවා මෙහාට දැන්." නැමිලා ලියාන් ගෙ තොල්වලට පෙක් එකක් තිබ්බ චනිතු ලියාන්ව එයාගෙ අත් දෙකට හරහට අරගෙන ඒ දෙන්නගෙ රූම් එකට ගියා. පරිස්සමට ලියාන්ව ඇඳෙන් තියපු චනිතු එයාගෙ ෂූස් දෙකයි සොක්ස් දෙකක් ගලවලා ඇඳට නැගලා ලියාන්ව අත් දෙක අතරට මැදි කරගත්තා.

"නිතු.."

"ඇයි බබා.."

"එයා... මං දිහා බලාගෙන නේද ඉන්නෙ.."

"ටනීශා හැමවෙලේම ඔයත් එක්ක ඉන්නවා ලියෝ. අපි ආයෙම එයාව බලන්න හෙට යමුකො හරිද?"

"ම්ම්ම්..."

"මං දිහා බලන්නකෝ..."

"........"

Promise (අසුරුසන් 2)  COMPLETEDWhere stories live. Discover now