25

1K 193 180
                                    

පසුදිනට හිරු උදාවුනා. ජන්ග්කුක් අධිරජුගේ මේට් නොවන ලෙස සදහටම මාළිගයෙන් නික්මී යන දිනය අද, ප්‍රාණය තිබුනත් මළ කෙනෙකුන් ලෙස ජීවත් වෙන්න පටන් ගන්නා දිනය අද.

උදෑසනම අධිරජු සමඟ කතා කරන්න තිබුනු උවමනාවට මව්බිසව එතුමාගේ මාළිගයට පැමිණ තිබුනා.

"එතුමා තවම අවදි වුනේ නෑ මව්බිසවුනි." ප්‍රධාන සේවකයා කිව්වත් මව්බිසව හිස වැනුවා.

"මම එතුමාව ඇහැරවන්නම්." කිව්ව මව්බිසව සේවකයා නවත්තන්න පෙර මාළිගයට ඇතුළු වුනා.

මාළිගය තුළට ගිහින් අධිරජුගේ කුටියට ඇතුළු වුනු මව්බිසව දැක්කා අධිරජු හොඳටම නිදි කියලා.

හුස්මක් හෙළපු මව්බිසව යහන අසලට ගියේ අධිරජුව ඇහැරවන්න, ඒත් වෙනත් දෙයක් දකිනවත් එක්කම මව්බිසව හිටිතැන නතර වුනා.

යහන මත හිටියෙ අධිරජු විතරක් නෙමෙයි, එතුමා එතුමාගෙ ඔමේගාව ඇතිරිලි අස්සේ තුරුල් කරගෙන හිටියා.

අධිරජුව ඇහැරවන්න දිගුකරපු අත මව්බිසව ආපහු ගත්තා. එයා ටික වෙලාවක්ම එයාගෙ පුතා දිහා බලා හිඳියා.

එයා දැක්කා මේ ඇල්ෆා කොතරම් නම් ආරක්ෂාකාරීව එයාගෙ ඔමේගාව තුරුල් කරන් ඉන්නවද කියලා, හරියට කාටවත් එයාගෙ ඔමේගාව එයාගෙන් උදුරගන්න බෑ වගේ.

ප්‍රථම වතාවට මව්බිසවගේ හදවත මේ දර්ශණෙන් උණු වුනා. මොන දේ සිද්ද වුනත් මේ ඉන්නෙ සඳ දෙව්දුව විසින් එකිනෙකා වෙනුවෙන් මවපු මේට්ලා දෙදෙනෙක්. ඒ බැඳීම, ආදරය එක් කාරණාවක් නිසා විනාශ වෙන්නෙ නෑ.

එයාට මතක් වුනා එයා ගැබ් ගෙන හිටපු කාලෙ. පැටවුන් කුස පිළිසිඳ ඉන්න සමයෙ ඔමේගලා කොතරම් නම් තමන්ගෙ ඇල්ෆාගෙ උනුහුම, සුවඳ, ආදරය, රැකවරණය හොයනවද? ජන්ග්කුක්ටත් ඒ දේවල් ඒ විදිහටම දැන් දැනෙනවා ඇති.

මව්බිසවට පළවෙනි වතාවට හිතුනා එයාගෙ ඔමේගා නැතුව එයාගෙ පුතත්, එයාගෙ ඇල්ෆා නැතුව මේ ඔමේගත් කොහොම ජීවත් වෙන්නද කියලා.

ආපු කාරණාව පසෙකින් තැබූ මව්බිසව ඊළඟට එතනින් නික්මී ගියේ මේ දර්ශණය විනාශ කරන්න තිබුනු ලෝභකමට. ඒත් එයා නිසා දැනටම ඒ හිත් පෑරිලා ඉවරයි.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now