22

2.6K 409 135
                                    

වසර පහකට පසු....

අද මගෙ ජීවිතේ සතුට දරාගන්න බැරි උන දවසක්....මට දැන් අවුරුදු විසි නවයක්....මගෙ අශේල්ට තිස් දෙකක්....

අද ඉදන් මම මගේම ආර්ට් ගැලරි එකක අයිතිකාරයෙක්....මට හීනයක් තිබ්බා...මම ඒකට මහන්සි උනා....ටික ටික සල්ලි එකතු කරා....අන්තිමේ මම මගේ හීනෙ දිනුවා....අශේල් මගෙ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ හිටියා.... මට හයියක් උනා....

මේ ආර්ට් ගැලරි එක සම්පූර්ණයෙන්ම මගේ මහන්සිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ආර්ට් ගැලරි එක සම්පූර්ණයෙන්ම මගේ මහන්සිය....අශේල් පොඩ්ඩක්වත් මේකට මැදිහත් උනේ නෑ ...මට කරන්න දීලා එයා බලන් හිටියා....මම දිනනකල් එයා බලන් හිටියා....

පහුගිය කාලෙ මම එක්ශිබිෂන් කීපෙකටම මම මගෙ චිත්‍ර ඉදිරිපත් කරා....මට හොඳ තැනක් ලැබුනා....මගේ දක්ශකම හැමෝම අගය කරා....මේ වෙනකොට කලාකාරයෙක් විදිහට මාව පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රසිද්ධයි....

ඕපනින් එකට අයියයි අක්කයිත් ආවා....අක්කා....අක්කා තමයි....අපේ වදකාර අයියා ඉදල ඉදල ගිය අවුරුද්දෙ බැන්දා...වෙඩින් එකට මායි අශේලුයිත් ගියා....ගිහින් එහෙ සතියක් විතර ඉඳල ආපහු මෙහෙ ආවා....සයුරිත් දැනට අවුරුදු තුනකට කලින් බැන්දා....අපි දෙන්න ඒ වෙඩින් එකටත් ගියා....සයුරි මාත් එක්ක තරහ මරහ දැන් නම් අමතක කරල දාල....එයාහෙ හස්බන්ඩ් බිස්නස්මන් කෙනෙක්ම තමයි....පොඩි දුවෙකුත් ඉන්නවා දැන් සයුරිට....

අක්කයි අයියයි මෙහෙ ආවෙ ඕපනින් එකටමයි....ටික දවසක් ඉදල එයාල ආපහු යාවි....අයියට ගොඩ දවසක් ඉන්න බෑ....මාමාගෙ බිස්නස් ඔක්කොම දැන් හැන්ඩ්ල් කරන්නෙ එයා....මෙහෙත් තාත්තා සේරම අශේල්ට පටවලා ෆ්‍රී එකේ ඉන්නවා....පව් මගෙ මිනිහා තනියම බිස්නස් එක එක්ක ඔට්ටු වෙනවා....

ආශුWhere stories live. Discover now