26

909 188 78
                                    

පසුදා උදෑසන

ටේහ්‍යුන් හිමින් හිමින් ඇස් ඇරියා. ඒත් එයාට හැමදේම පෙනුනෙ බොඳ වෙලා. උදෑසන ආලෝකය මුහුණට පතිත වුනත් ටේහ්‍යුන් දිගටම උත්සාහ කලා එයාගෙ ඇස් ඇරගන්න. ඒත් ක්ලාන්ත ගතියක් දැනුන නිසා එයාගෙ මුවින් කෙඳිරියක් පිටවුනා.

"ආහ්."

ටේහ්‍යුන් අමාරුවෙන් ඇස් බොඳ වෙලා පෙනෙන දර්ශනය පැහැදිලි කරගන්න උත්සාහ කලා. එතකොට මේ අතරේ තමයි එයාට සිහින්ව හඬන සද්දයක් ඇහුනෙ.

ටේහ්‍යුන් අමාරුවෙන් වැලමිටට අත් බර කරගෙන නැගිටින්න උත්සාහ කලා. අන්තිමේදි බොඳ වුනු දර්ශනය පැහැදිලි වෙද්දි එයා දැක්කෙ එයාගෙ ඔමේගා එයා ඉදිරියේ ඇඳෙන් වාඩි වෙලා හොඳටම අඬන විදිහ.

ටේහ්‍යුන් ඉක්මනින් ඇඳ වියල්ලට හේත්තු වෙලා ජන්ග්කුක් දිහා ව්‍යාකූලව බැලුවා.

"ප්-පැටියො? ඇයි අඬන්නෙ?"

"ටේහ්‍යුන්ගි මම ඒක හිතලා කරේ නෑ."

ජන්ග්කුක් ඉකිගහමින් කිව්වම ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගත්තා. ඊළඟට එයා මතක් කරන්න උත්සාහ කලා ඊයෙ රාත්‍රියේ මොකද්ද වුනේ කියලා. එයාට මතකයි එයා එයාගෙ ඔමේගාව සලකුණු කල බව. එතකොට නම් එයාගෙ මූනෙ ලොකු හිනාවක් ඇඳුනා.

ඒත් එවෙලෙම ක්ෂණිකයෙන් බෙල්ලෙන් දැනුන තද වේදනාවට ටේහ්‍යුන්ගේ අත ඉක්මනින් බෙල්ල අල්ලගෙන වේදනාවට පත් හඬක් පිටකලා.

"අහ් ස්ස්!!"

එයාගෙ දෑස් විශාල වුනා. අන්න එතකොටම තමා එයාට ඊයෙ රාත්‍රියේ සිදු වුනු දේ මතක් වුනේ.
.
.
එයාගෙ ඔමේගාව සළකුණු කිරීමෙන් අනතුරුව දෙදෙනාම හැඟීම් පිටකරලා සන්සුන් වෙමින් හිටියා. දෙන්නටම කියාගන්න බැරි තරම් සතුටුයි.

ටේහ්‍යුන් ටිකක් වෙලාවක් යනකන්ම ඔමේගාගෙ ගෙලේ තිබෙන නව සළකුණ දිහා ආඩම්බරෙන් බලමින් හිමින් ලෙවකෑවා.

මෙන්න මේ අතරෙ තමයි එයාට ආයෙත් එයාගෙ ඔමේගාගෙ උද්වීපන සුවඳ දැනුනෙ. පේන විදිහට ඔමේගාට එයාව තව ඕන වෙලා.

හිමින් ජන්ග්කුක්ගෙන් ඈත් වුනු ටේහ්‍යුන් දැක්කා ඒ කඳුලු පිරුනු දෑස් එයාට යොමු වෙලා තියෙන විදිහ.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now