27

830 184 219
                                    

ටේහ්‍යුන් හන්ගුක් අධිරාජ්‍යයේ හත් වන කිම් අධිරජු ලෙස තේරීපත් වී අදට වසර පහයි. ඒ නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සර උත්සවය අද දිනයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

උදෑසන ඉඳන්ම මාළිගාව උත්සවශ්‍රීයක් ගෙන තිබුනා. පහුගිය කාලවකවානුවේ සිදුවුනු අවසනාවන්ත සිදු වීම් අමතක කර දමා මාළිගාවෙ පමණක් නෙමෙයි අධිරාජ්‍යයේම වැසියන් මූනු වල හිනාවක් සහිතව උත්සවයට ලෑස්ති වෙමින් හිටියා.

ප්‍රධාන මාළිගය ඉදිරිපිට දැනටමත් නර්තන කණ්ඩායම් තම සංගීත කණ්ඩායම් වල මිහිරි සංගීත නාදයට තාලයට නර්තනයේ යෙදෙමින් හිටියා. දැනටම රැස් වී සිටි පිරිස මේ අලංකාර නර්තනයන් දිහා බලමින් ඔවුනොවුන්ගේ කතා බස් වල නිරතවෙමින් සිනහාවෙමින් හිටියා.

මුළුතැන්ගෙයත් එකම කාලගෝට්ටියක්. ඇතිලි වල දුම් දමමින් ඇති රසවත් ආහාර පාන සේවක සේවිකාවන් ලහිලහියේ සූදානම් කරමින් හිටියා.

මේ අතරේ ටේහ්‍යුන් උත්සවයට යන්න එයාගෙ කුටියෙ සූදානම් වෙමින් හිටියා. අද දවසේ එයා අඳින්නෙ අධිරාජ්‍යාට අදාළ සාම්ප්‍රදායික වස්ත්‍රය. සේවිකාවන් එයාට ඒක අඳින්න උදව් කලා. ටේහ්‍යුන් සෑහීමකට පත් සුසුමක් හෙළමින් කැඩපත තුලින් එයාගෙ ප්‍රතිමිභය දිහා බලා හිඳියා.

"පිටත් වෙමු."

ටේහ්‍යුන් කිව්වම ආචාර කරපු අධිරජුගේ පිරිවර අධිරජු පිටත් වුනාම ඒ පසුපසින් අනුගමනය කලා.

"අධිරජු සැපත් වන වගයි!!"

සේවකයෙකුගේ උස් හඬින් හැමෝගෙම අවධානය ප්‍රධාන මාළිගයේ වේදිකාව මතට පැමිණෙන ගාම්භීර අධිරජුට යොමු වුනා. සංගීත නාදයේ රිද්මය වැඩි වී නර්තන කණ්ඩායම අධිරජුට ආචාර නර්ථනයක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.

දැනටම වේදිකාවට පැමිණ තිබූ අනෙකුත් රාජකීයන් අසුනින් නැගිට අධිරජුට ආචාර කලා. උත්සවයට පැමිණි සිටි හැමෝම සාම්ප්‍රදායික හන්බොක් වස්ත්‍රයන් හැඳ සිටියා. ජින්යොන් පවා අද අලංකාරව සැරසී අගරැජිණට වෙන්වූ අධිරජුට එහා ප්‍රධාන අසුනේ ආඩම්බරෙන් අසුන් ගත්තා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now