28

878 185 137
                                    

ඒ මාළිගයේ ඉදිරිපස ප්‍රධාන අංගනය.

අධිරජු ඇතුළු අනෙකුත් රාජකීයනුත්, උත්සවයට පැමිණ සිටි ප්‍රාන්ත රජවරුත්, අමාත්‍යවරුන් සහ වංශාධිපතීනුත් කම්පනයෙන් ප්‍රධාන අංගනයේ රැස්ව හිඳියා.

සුළි සුළඟ නැවතී තිබුනත් තවම රාත්‍රී අහසේ අකුණු සැර වදිමින් තිබුනා. අනෙක් අයෙගේ දෑස් ව්‍යාකූලබවෙනුත් කම්පනයෙනුත් විශාල වී තිබුනත් අධිරජුගේ දෑස් තියුණුව අහසට යොමු වෙලා තිබුනා.

භූමියම එළියකල කහ පැහැ පන්දම් ආලෝකයෙන් එතුමාගෙ දෑස්වල තිබුනු කෝපය තව දිලිසවන්න සමත් කලා.

"අධිරජුනි වැම්පයර් ආක්‍රමණයක්ද?" මව්බිසව බියෙන් ඇහුවම ටේහ්‍යුන් හිස දෙපසට වැනුවා.

"ආක්‍රමණයක් වෙන්න බෑ ඔම්මා, අධිරජ ජියොන් එකපාරටම එහෙම දේකට නම් එන්නෙ නෑ."

ටේහ්‍යුන් කිව්වේ තවම අහස දිහා බලාගෙන.

ඊළඟට එයා බලාපොරොත්තු වුනු දර්ශණය මතු වුනා.

ඈත අහසේ වව්ල් රෑනක් මාළිගය දෙසට පියඹමින් හිටියා.

සෙන්පති ඇතුළු අනෙක් ආරක්ෂක ඇල්ෆා බලකාය කේන්තියෙන් ගෙරවීම් පිටකරද්දි ටේහ්‍යුන් එහෙම නොකරන ලෙසට අතින් සංඥා කලා.

ඊළඟට ඒ වව්ල් රෑන මාළිගයේ ප්‍රධාන අංගනයට ගොඩබැස්සේ මිනිස් ස්වරූපයෙන්.

හය දෙනෙකුගෙ යුත් පිරිසේ සුදුමැලි මුහුණු වගේම රත් පැහැ දෑස් සමච්චලයට මෙන් ටේහ්‍යුන්ට යොමු වෙලා තිබුනා.

ඒ පිරිස ගාම්භීරව අඩිය තියමින් කේන්තියෙන් මේ දිහා දෙපස ඉඳන් බලන් ඉන්න වෘකයන් අතරින් නොබියව ගමන් කලා.

අධිරජු ඇතුළු රාජකීයන් ඉන්න වේදිකාව ආසන්නයේ නැවතුනු වැම්පයර්වරු හය දෙනා අධිරජුට ආචාර කලා.

"කොහොමද කිම් අධිරජුනි? සුබ සංවත්සර දිනයක් ඔබතුමාට."

රැළේ ප්‍රාධාන වැම්පයර් එහෙම කිව්වම ටේහ්‍යුන්ගේ දෑස් තියුණු වුනා.

"මොකටද තමුන්ලා මෙහෙ ආවෙ?" ටේහ්‍යුන් ගැඹුරු ගඬින් ගර්ජනා කලා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now