01 - simple tricks 😉

1.1K 151 67
                                    

ඊයෙ කියවපු අය දෙවනි පාර්ට් එක දාලා තියෙන්නෙ බලන්න හොදේ. මේකෙ අප්ඩේට් නෝටිෆිකේෂන් යන්නෙ නෑ අප්පා. ඒකයි දැම්මෙ ආයෙ

_____

මම මේක දාන්න කලින් ගොඩක් හිතුවා. මට ඔයාලා බනීද කියලා. ඒත් ගොඩක් දෙනෙක් study tips ගැන මගෙන් අහලා තිබ්බ නිසයි මම මේක ලියන්න හිතුවේ.

මම ලොකු කමකට දානවා කියලා හිතන්න එපා. මට බනින්නත් එපා ප්ලීස්. මට වඩා දක්ෂ අය රිසල්ට්ස් තියන අයත් ඇති. ඒත් මේකෙන් දෙයක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පොත කියවන එක කන්ටින්ව් කරන්න පුලුවන් ❤️. මම සරල විදියට ලියන්නම්. බරපතල විදියට ලියන්නෙ නැහැ හරිනේ.....

Firstly I'm sending you my best wishes for your success

______

A/Ls ගැන කිව්වම ඒලෙවල් කියන්නෙ advance level examination. ඒ කියන්නෙ උසස් පෙල. ඒකෙ තේරුම සාමාන්‍ය පෙල නෙවෙයි. කොහෙත්ම ඒ වගෙ නැහැ. ඒලෙවල් වලට ආවම ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමා ඕලෙවල් කරපු විදියටම කරන්න ලෑස්ති වෙන එක. ඕලෙවල් වගෙ අද රෑ පාඩම් කරලා හෙට උදේ ලියන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒලෙවල් කියන්නෙ. ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා ඕලෙවල් වලට තිබ්බ විෂයන් නවයටම වඩා කන්ටෙන්ට් එකක් ඒලෙවල් වල එක සබ්ජෙක්ට් එකකට තියනවා. ඉතින් විෂයන් නවය ගොඩ දැම්ම අපිට විෂයන් තුන නතින් වගේ තියරීස් නෑ මේකෙ.....

මම ඒලෙවල් බයෝ කලෙ. මම ඒකට අදාල වෙන්න ගොඩක්ම කතා කරන්නෙ. මට බෑනෙ මැත්ස් පේපස් ලියන විදිය , ආර්ට් පේපස් ලියන විදිය කියා දෙන්න. මම දන්නෙ නැහැ සිලබස් එකවත්. මැත්ස් කරන අයට නම් අනිත් සබ්ජෙක්ට්ස් දෙක තියන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අනිත් සබ්ජෙක්ට්ස් කරන අය උනත් කමක් නැහැ කියවන්න. පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.

දැන් මුලින්ම ඒලෙවල් පන්ති ගියපු ගමන් ඕලෙවල් ඉවර වෙලා , ඇත්තමයි මෙලො හසරක් මට නම් තේරුනෙ නැහැ. මම මට පිසිස් ගනන් හදා ගන්න බැරිව ඇඩුවාත් එක්ක. ඒක හින්දා දැනට ඔයාලට කියන දේවල් තේරෙන්නෙ නැති කමක් තියනවා නම් ඔයාලා ඕනෙවට වඩා කලබල වෙන්න එපා. ඒක එහෙම තමයි. ඔයාලාට ප්‍රශ්නයක් නෑ තේරෙනවා නම් ඔයාලා ඇත්තටම අධික දක්ෂයෝ...

blended studying ~ study tips Where stories live. Discover now