29

898 182 111
                                    

ජන්ග්කුක් අප්‍රාණිකව ඇඳේ වැතිරිලා හිටියා. එයාට දැනුනෙ හිස කරකැවනවා වගේ. බලය පාවිච්චි කිරීම එයාව දුර්වල කරලා තිබුනා.

අඩවන් වූ දෙනෙතින් යන්තම් ඇස් ඇර බැලුව එයා අඩ අඳුරෙම දැක්කා එයාගෙ ඇල්ෆා කාමරයට ඇතුළු වෙන විදිහ. ඒ වගේම එයා දැක්කා ටේහ්‍යුන් එයා ගාවට ඇවිත් යහනෙන් වාඩි වෙන විදිහ.

"ඇ-ඇල්ෆා."

ජන්ග්කුක් උත්සාහ කරා කතා කරන්න. ඊළඟට එයා දැක්කා ටේහ්‍යුන් එයා අසලට පාත් වෙන විදිහ. ඒත් ටේහ්‍යුන්ගේ ඇස් දැක්කම ජන්ග්කුක්ව ගැස්සුනා.

ඒ ඇස් රතු පාට වෙලා තිබුනා.

ඇල්ෆාගෙ ඇස් රතු වී තිබීම සාමාන්‍ය දෙයක් වුනත් ජන්ග්කුක්ට අමුත්තක් දැනුනා. සුදුමැලි මුහුණ, රත්පැහැ දෑස්, ඒ වගේම දැන් එයාගෙ ගෙලට පාත් වෙලා ඉන්න ඇල්ෆාගෙන් සුපුරුදු උනුහුමක් වෙනුවට සීතල පහසක් දැනීම? ජන්ග්කුක් ආරක්ෂාකාරීව එයාගෙ වෙව්ලන අත කුස මතින් තැබුවා. එයාගෙ හදවත හොඳටම ගැහෙමින් තිබුනා.

"ඔමේගා."

සීතල හුස්ම එයාගෙ ගෙලේ වැදෙද්දි ජන්ග්කුක්ව පවා සීතල වෙලා ගියා.

ඊළඟට එයා ඔලුව හරවා බලද්දි එතන තිබුනෙ එයාගෙ ඇල්ෆාගෙ රූපය නම් නෙමෙයි, උල් දත් විලිස්සා වියරුවෙන් හිනාවෙමින් හිටි වැම්පයර්වරයෙක්.

ජන්ග්කුක් ගිරියටින් කෑගැහුවා.

"ආආආ!!"

"ශ්ශ්... කෑගහන්න එපා ඔමේගා. උබේ මහලොකු ඇල්ෆා අපිට අවසර දුන්නා උබව අරගෙන යන්න. අවසර දුන්නොත් කැමැත්තෙන් එනවා කිව්වා නේද හහ්? දැන් අපිත් එක්ක වරෙන්."

වැම්පයර් කියද්දි ජන්ග්කුක් භයෙන් බිරාන්තව වේගෙන් හිස දෙපසට හොලවන්න ගත්තා.

ඒත් එයාට වචනයක් කියාගන්නවත්, අඩුම අත පය හොලවන්නවත් බැරි තරමට ගල්ගැහී හිටියා.

ඒ වැම්පයර්ගෙ දෑස් ඊළඟට එයාගෙ කුසට යනවා දැකලා ජන්ග්කුක්ගේ හදවත වේගෙන් ගැහුනා. ඊළඟට එයත් පහළ බලද්දි දැක්කා දැනටම එයාගෙ උඩුකය නිරුවත් නේද කියලා.

"උබේ බඩේ ඉන්න උනුත් ඉපදුනු හැටියෙම මරලා දාන එකේ. ඇයි උබ දැන්ම මැරෙන්නෙ නැත්තෙ හහ්?"

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now