21St RAIN

107 23 0
                                    

කම්පැනි බිල්ඩින් එක ඉස්සරහින් නවත්තලා තිබුනු බස් දෙකට එම්ප්ලෝයිස්ලා නැග්ගට පස්සෙ ටේහ්‍යොන් ජිමිනුත් ඇතුල් වුනෙ සේමි සූයොනුයි එක්ක.

" අර කෙල්ලත් එනවද බන් ට්‍රිප් එක යන්න "

" ඒකිට කම්පැනි එකත් එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද මේ ඇනුවල් ට්‍රිප් එකටත් එන්න තරම් "

යුන්හි සූහයි කතා වුනෙ ටේහ්‍යොන් එක්ක හිනා වෙවි ඉන්න සේමිට රවන ගමන්.

" බලමුකො බලමුකො "

සේමි දිහාට රැවුමක් පාකරපු යුන්හි කොන්ඩ කැරැල්ලකුත් ඇගිල්ලෙන් කරක්ව කරකව ටේහ්‍යොන් දිහාම බලන් හිටියෙ සූහා ෆෝන් එකට ඔලුව ඔබා ගනිද්දි.

සින්දු කිය කිය පටන් ගත්තු ගමන වෙන අවුරුදු වලට වඩා විනෝදජනක උනේ ටේහ්‍යොන්ගෙ හැසිරීම එක්ක. නැත්තන් මේ
මිනිස්සු ටේහ්‍යොන් හිනා වෙනවා නොදැක්ක තරම්. ඒත් දැන් ටේහ්‍යොන් හිනා නොවෙන වෙලාවක් නැ. ම්ම් ටේහ්‍යොන් සතුටෙන්. සේමි නිසා.

සේමි ලගින් වාඩි වෙලා හිටපු සූයෝන් නැගිට්ටෙ ඒ සීට් එක ටේහ්‍යොන්ට දෙන්න. මොකද ටේහ්‍යොන් ජිමින් දෙන්නා මෙච්චර වෙලා සින්දු කිය කියයි හිටියෙ.

" ඔයා සින්දු කියනවා ලස්සනයි "

" මම කොහොමත් එහෙම තමා. කිම් ටේහ්‍යොන් කියන්නෙ ගැම්මක් මිස් චෝයි සේමි "

" ඒත් දැන් මන් මිසිස් කිම් සේමිනේ. අමතක වුනාද "

" අනි අමතක නැ පිලිගන්නයි බැරි "

" ඔයා තාමත් මට ආදරේ නැද්ද ඒ කියන්නෙ "

" මම දැන් පන්දාස් හාරසිය තිස් දෙවෙනි වතාවටත් ඒකම කියනවා නැහ් "

" මම තරහයි "

ටේහ්‍යොන් සේමි දෙන්නට විශේශ අවදානයක් කාගෙන්වත් නොලැබුනෙ බස් එකෙ හිටපු හැමොම සින්දු කිය කිය නටන්න ගත්තු නිසා. ටේහ්‍යොන්ට රවපු සේමි ජනේලෙන් එලිය බලද්දි ටේහ්‍යොන් කලෙ සේමිගෙ උරහිසෙන් ඔලුව තියන් සැපට නිදා ගත්තු එක. බූසාන් වලට කිට්ටු වෙනකන්ම ටේහ්‍යොන්ට සනීප නින්දක් හම්බුනත් මේ ආදරනීය දෙපල දැනටමත් පෙම්වතුන් කියලා බස් එකෙ හිටපු අයටනම් තේරිලා තිබ්බෙ. යුන්හි හිටියෙ හිත ඇතුලෙන් ගිනි ගන්න ගමන්.

LOVE RAIN ||KTH| (Complete)Where stories live. Discover now