30

857 178 101
                                    

මසකට පසු

අධිරජු එයාගෙ ආරක්ෂකයො පස් දෙනා හා අනෙක් ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමින් හිටියා.

"මම කිව්ව විදිහට දේශසීමා අසල ගම්වල වැසියන් ඉවත් කර ඔවුන්ට නව නවාතැන් ලබා දුන්නද?"

"එහෙමයි අධිරජුනි, අදාළ ප්‍රාන්ත වල රජවරු ඒ බව තහවුරු කලා."

"හොඳයි එතකොට ප්‍රාන්ත සෙබළුන්ගෙ යුධ පුහුණු?"

"ඔබතුමා උපදෙස් දුන් ආකාරයට එක් ප්‍රාන්තයකින් සෙබළුන් 500 ක් පමණක් යුධ පිටියට යැවීමට සූදානම් උතුමාණනි, අනෙක් සෙබළුන් පවා තම ප්‍රාන්ත වල ආරක්ෂාවට යුධ පුහුණුවේ යෙදෙනවා."

එයාගෙ ආරක්ෂකයින්ගෙන් ලැබෙන පිළිතුරු වලට සෑහීමකට පත් වෙමින් ටේහ්‍යුන් හුස්මක් හෙළා හිස වැනුවා.

"රිදී ආයුධ වල තත්ත්වය පරික්ෂා කරන එක අද දවස ඇතුළත සිදු කරන්න. ඒවා හෙට දිනය තුළ සෙබළුන්ට ලබා දෙන්න ඕන තේරුනාද?"

"එහෙමයි උතුමාණනි, කලවම් නොවූ සැබෑ රිදී ආයුධ බව දැනටමත් තහවුරුයි. අගනුවර වැසියන්ට කරදර කල එක වැම්පයර් රැළක් අපේ රිදී ආයුධ වලින් පහර කා මියගිහින්."

ඒක ඇහුව ටේහ්‍යුන් තදින් තොල් දෙක තද කරගත්තා. මේ ප්‍රථම වතාව නෙමෙයි අගනුවර වැම්පයර් ආක්‍රමණ පිළිබඳව ඇසුනු. වැම්පයර් රාජ දූතයාගේ ඝාතනයෙන් පසුව මේ මාසය පුරාවට අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල වැම්පයර් ආක්‍රමණ සිදු වී තිබුනා.

"අගනුවරත්, විශේෂයෙන් මාළිගයේ ආරක්ෂාව යුධ කාල සීමාව තුළ ගොඩක් වැදගත්. වැඩි අවධානයක් ඒවට යොමු කරන්න. මොන දේ වුනත් දේශසීමාවෙන් මෙහාට යුද්ධය පැතිරීම අපි කොහොමහරි වළක්වන්න ඕන." ටේහ්‍යුන් කිව්වම අනෙක් අය එකඟ වුනා.

සාකච්ඡාව අවසානයේ අධිරජු නැවත පුහුණු පිටියට ගිහින් යුධ පුහුණුවේ යෙදුනා. මේ ගෙවුනු මාසය ටේහ්‍යුන්ට ඉතාම වෙහෙසකර කාර්යබහුල මාසයක්. යුද්ධයට පෙර සූදානම් වෙන්න බොහෝ දේ තිබුනා. කරන දේ නිවැරදිව හරියටම කරන අධිරාජ්‍යයෙක් වුනු මේ කිම් අධිරජු තමන්ගෙ දක්ෂ ආරක්ෂක මණ්ඩලය සමඟ බුද්ධිමත් යුධ සැලසුම් සහ උපක්‍රම සාදමින් ලොකු වෙහෙසක් ගත්තා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now