31

801 175 118
                                    

හිරු අවරට යන මොහොතේ පරිසරයේ ඇති තද කහ ආලෝකයෙන් තනිවම පුහුණු පිටියේ යුධ පුහුණුවේ යෙදෙන අධිරජුගේ නිරුවත් උඩුකය දිස්නෙ දෙමින් තිබුනා. පිරුණු මාංශ පේශි දිගේ බේරෙන දහඩිය ඒ දිලිසීම තව වැඩි කලා.

සුළං කපාගෙන වනන අසිපතේ රිද්මයට දහඩියෙන් නැහැවුනු තෙත් කොණ්ඩය අගින් දා බිඳු වැටෙමින් තිබුනා. ඒ දෑස් තියුණුයි, හකු එකට තද වී මුහුණෙ තිබුනෙ දැඩි බවක්.

කොතරම් අසිපත වැනුවත් එයා ඉදිරියේ තිබූ අව්‍යාජ සෙබළ අනුරුව පරාජය කරන සිහියක නෙමෙයි අධිරජු හිටියේ. තදින් සෙබළ අනුරුවට අසිපතෙන් පහර දුන්නත් එයාගෙ මනස වෙන කොහේදෝ අතරමංව තිබුනා.

හෙටයි එයා යුද්ධයට පිටත් වෙන දවස. යුද්ධය සඳහා සියල්ලම සූදානම්. ඒත් ටේහ්‍යුන්ගේ හිතට කිසිම සැනසීමක් නෑ.

එයාට බෑ එයාගෙ ඔමේගාව දමා යන්න. එයාට එයාගෙ ඔමේගා අසලින් ඉන්න ඕනෙ, එයාගෙ පැටව් ටික ටික වැඩෙන ආකාරය බලන්න ඕන, පැටව් දෙන්නා මුලින්ම ඔම්මට කරදර කරමින් කුසට පයින් ගහන දවසෙ එයා ඔමේගා ගාව ඉන්න ඕනෙ, ඒ වෙලාවට එයාගෙ පැටවුන්ට ඇහෙන්න ආදරණීය වදන් කියමින් සන්සුන් කරන්න එයාට ඕන, එයාගෙ ලිලී මල එක්ක ඒ ආදරණීය මොහොත සතුටින් විඳින්න ඕන, එයාගෙ ඔමේගාට දැනෙන හැම අපහසුතාවයක්ම සමනය කරන්න ඕනෙ. කොටින්ම දැන් එයාට ඕන යුද්ධයට නොයා එයාගෙ ඔමේගා එක්ක කොහේ හෝ පලා යන්න.

"ආආආආආ!!!"

ඊළඟ මොහොතේ තදින්ම කේන්ති ගිය ටේහ්‍යුන් අසිපතෙන් ගහපු පහරින් සෙබළ අනුරුවේ හිස කඳින් වෙන් වෙද්දි ටේහ්‍යුන්ගේ කේන්තියත් මානසික පීඩනයත් හිමින් නිවුනේ ඇස් වලින් කඳුලු වැගිරෙද්දි.

අසිපත එතනම බිම අතඇරිය ටේහ්‍යුන් පුහුණු පිටියෙන් පිටවී එයාගේ මාළිගයට ගියා.

* * * * * * *

"හියුන් ඔයාට හොඳටම විශ්වාසද මම යුද්ධයට එන්න එපා කියලා හහ්?"

යොන්ජුන් ඇහුවේ ටේහ්‍යුන්ගේ මාළිගයට ගිහින්.

"ඔව් යොන්ජුන් ඔයා මාළිගයෙ ඉන්න ඕනෙ. මෙහෙ ආරක්ෂාවයි අපි මුලින් තහවුරු කරගන්න ඕනෙ. යුද්ධය අතරතුර කාලයෙ අගනුවරටත් මාළිගයටත් වැම්පයර් ප්‍රහාර එන්න ඉඩකඩ වැඩියි. ජියොන් අධිරජුට ඕන මාව විනාශ කරන එකට වඩා.. ම්-මගෙ ඔමේගාගෙ ජීවිතයෙන් පළිගන්න." කිව්ව ටේහ්‍යුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now