Chapter 26

688 134 5
                                    

නිවේන් අන්තිමේදී එයා ආශිට ආදරෙයි කියලා තේරුම් ගත්තත් එයාට ඒක ආශිට ඔප්පු කරන එක ලේසි උනේ නෑ.මොකද නිවේන්ට ආදරේ කියන හැගීම ආගන්තුක වෙද්දී එයා කලේ පහුවෙනිදම ආශිව හම්බෙන්න ගිහින් එයාගේ මුනටම ආදරෙයි කිව්ව එක.

හැබැයි ආශිටනම් එක පොල්ලෙන් ගැහුවා වගේ දෙයක් උනා.ඇත්ත ආශි නිවේන්ට ආදරෙයි පොඩ්ඩක් නෙමෙයි මහා හුගක් ඒත් ඇත්තටම මනුස්සයෙක් ඇවිත් එහෙමත් ආදරෙයි කියනවද?ඉතින් ආශි හිතුවේ නිවේන් එයාව ජෝක් එකකට අරන් කියලයි.

ඒත් අන්තිමේදී ආශිට උනත් පිළිගන්න උනා නිවේන් එයාට ආදරෙයි කියන්න.මොකද නිවේන් ජිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ගේ පස්සෙන් යද්දී සමහර වෙලාවට හොරෙන් ආශිගේ හොස්ටල් එක පැත්තේ රවුම් ගහද්දි නිවේන්ගෙයි ආශිගෙයි ආදර කතාව කැම්පස් එකටම කොමන් රහසක් උනා.

ඉතින් අන්තිමෙදි එකතු වෙයි කියලා හීනෙකින්වත් හිතපු නැති දෙන්නෙක් ආදරේ කරන්න ගත්තා.දෙවනි වසර වසර ඉවර වෙලා තුන්වෙනි හතරවෙනි වසරවලුත් ගෙවුනා.ඒත් නිවේන් - ආශි ආදරේ තවත් වැඩි උනා මිසක් අඩු උනේ නෑ.

අම්මා නැති නිවේන්ට ආශි අම්මෙක් වෙද්දී දෙමව්පියෝ නැති ආශිට නිවේන් පවුලක් උනා.මේ ආදරේට මුළු කැම්පස් එකම සතුටු වෙද්දී දෙන්නෙක්ගේ හිතේ විතරක් වෛරයක් පැලපදියම් උනා.

ආන්වී, නිවේන්ගෙයි සිරිල්ගෙයි හොදම යාළුවා.කොහේ ගියත් මොනදේ කලත් ,මේ තුන් කට්ටුව කලේ එකට.ඒ වගේම එයා හිටියේ එයා නිවෙන්ගේ අයිති කාරයා කියලා හිතාගෙන.ආන්වී විතරක් නෙමෙයි මුළු කැම්පස් එකම හිතන් හිටියේ ආන්වී-නිවේන් කියන්නේ ලගදීම කපල් වෙන්න ඉන්න දෙන්නෙක් කියලයි.

ඒත් ආන්වී එහෙම හැසිරුනාට නිවේන් නම් හැමදාමත් ආන්විව දැක්කේ යාලුවෙක් විදිහට විතරයි.ඉතින් ආශිට මේ ලෝකේ වැඩිපුරම වෛර කරපු කෙනෙක් හිටියනම් ඒ ආන්වියි.

එතකොට අනිත් කෙනා කවුද ඒක අපි පස්සේ දැනගමු.

.

.

නිවේන් - ආශි ආදර කතාව හරි ලස්සනට ගලන යද්දී නිවේන් එයාගේ තාත්තගේ බිස්නස් බලාගන්න ගත්තේ එයාගේ තාත්තා හදිස්සියේ හාට් ඇටැක් එකකින් නැති උන නිසයි.ඒ වගේම මේ වෙද්දී ආශි වගේම ශානිත් පුංචි දොස්තර නෝනලා වෙද්දී තමන්ගේ නෑනව බලන්න ආපු නාථ නෑනගේ යාළුවට ආදරේ කරන්න පටන් අරන් තිබුනා.

Divorce Papers (Yizhan ff)(Completed ✔️)Where stories live. Discover now