1 🌿

126 22 7
                                    

"යුන්ගියා උබට හොදටම ෂුවර් ද මේ එයාගෙ අලුත් නම්බර් එක කියලා..."

"ඔව් ඔව් බන්...උබ කිව්ව හින්දම මං හොයලා බලලා උගෙ ලගම යාලුවෙක්ගෙන් ඕක ගත්තෙ..."

"හ්ම්...තැන්ක්‍යු යුන්ගියා..."

"ඕක මොකක්ද ටේ...අපි යාලුවො නේ...මම ඔහොම වැඩ කරන්නැ ඒත් උබ විදවනවා බලන්න බෑ...ඒකයි මං රිස්ක් එකක් අරන් උනත් උගෙ නම්බර් එක හොයාගත්තෙ.... "

"මං දන්නවා බන්...එයා මාව මග ඇරලා ගියාට මට එයා නැතුව බෑ බන්...මාව මෙහෙම කුනු ගොඩක් වගෙ පැත්තකට විසි කරලා එයා කොහොම එහෙම සතුටින් ඉන්නවා ද කියලා මට හිතාගන්න බෑ..."

ටේ ඇගිලි පටල පටල බිම බලන් කිව්වෙ ඇස් අගින් මෝදු වෙන කදුලු කැට හංගන්න හිතන්...

"ටේ උබ මං ගැන වැරදියට හිතුවත් කමක් නැ මං මගෙ අදහස කියන්නම්...මං නන් කැමති නැ උබ ආයෙත් ඕකාගෙ පස්සෙන් යනවාට...ඌට උබව ඕන නන් දාලා යන්නැ ඔහොම උබව...ආදරෙ කරා නන් ඌ කොහොමද වෙන එකෙක් එක්ක අද ඔහොම සතුටින් ඉන්නෙ...ඌ ටයිම් පාස් කරන්න උබ පාවිච්චි කරා විතරයි බන්...තේරුම් ගනින්...නම්බර් එක හොයලා දුන්නත් මං නන් කැමති නැ උබ ඕකට මැසෙජ් එකක්වත් දානවට.. ඒත් උබේ කැමැත්තක් කරපන්..."

යුන්ගි ටේගෙ සිනිදු කෙස් අතරින් හිස පිරිමදිමින් බෑග් එකත් එල්ලන්  බෙන්ච් එකෙන් නැගිට්ටා...

"ටේ මං යනවා  මට නම්ජුන් මීට් වෙන්නත් ඕන...යමන් උබව අපාර්ට්මන්ට් එකෙන් දාන්නම්..."

"හ්ම්...."

ටේ බෑග් එකත් අරන් යුන්ගි පස්සෙන්ම ඇවිත් වෙහිකල් එකට නැග්ගා...

_________________________________

ටේහියුන් ආව ගමන් වොෂ් දාන් පහලට ආවෙ රෑට කෑම හදනවාද නැද්ද කියලා හිත හිත...
යුන්ගි එයාව අපාර්ට්මන්ට් එකෙන් දාලා නම්ජුන් හම්බෙලා එන්න ගිය හින්දා ටේහියුන් දන්නවා අනිවාර්යයෙන් යුන්ගි රෑ කෑමට නොඑන බව...ඒ හින්දා ටේහියුනුත් රෑට නොකා ඉන්න හිතන් කිචන් එකෙ තිබ්බ ඇපල් ගෙඩියයි දොඩම් ගෙඩි දෙක තුනත් අරන් ආයෙ පඩිපෙළ නැග්ගෙ යුන්ගි දුන්න නම්බර් එකට මැසෙජ් එකක් දාන්න හිතන්...

ටේහියුන් පලතුරු ටික ඇද කොනට විසි කරලා ෆෝන් එකත් අරන් ඇදට පැන්නා...

"ඇයි ජින් මට මෙහෙම කලේ...ආ පිට ආදරයක්වත් බලාපොරොත්තු නොවී ඔයාට ආදරෙ කරපු හින්දද...ආදරෙ නොකරත් ඔයාට මාව මගාරින්නෙ නැතුව ඉන්න තිබ්බා..."

ටේහියුන් ෆෝන් එකෙ ලොක් ස්ක්‍රීන් එකෙ තාමත් තියෙන එයයි ජිනුයි අන්තිමට ගත්ත ෆොටො එක දිහා බලන් තමන්ටම මිමිනුවා...

*ඇයි මාව මගාරින්නෙ....? *

ටේහියුන් යුන්ගි දුන්න නම්බර් එකට යවන්න මැසෙජ් එක ටයිප් කරලා බලන් හිටියෙ සෙන්ඩ් කරනවාද නැද්ද කියලා දෙගිඩියාවෙන්...

"ඕන දෙයක්...ටේහියුනා ඔයා එයාට ඇත්තටම ආදරෙ නේ...ඒ හින්දා අන්තිම පාරටත් ට්‍රයි කරන්න..."

ටේහියුන් තමන්ටම කියාගනිමින් ඕන දෙයක් වෙන්න හිතන් මැසෙජ් එක සෙන්ඩ් කලා....

"තාම ඔන්ලයින් ඇවිත් නැ වගෙ...බලමුකො කීයට හරි ඔන්ලයින් එයිනෙ..."

මැසෙජ් එක ඩිලිවර්ඩ් උනෙ නැති හින්දා ටේහියුන් ඇපල් කෑල්ලක් කටේ දාගන්න ගමන් ෆෝන් එකත් ඉස්සරහින් තියන් බලන් හිටියෙ කොයිවෙලෙ හරි මැසෙජ් එකට රිප්ලයි එකක් එයි කියන බලාපොරොත්තුවෙන්...


Dream_YO 🦋

--------------------------------------------------------

Hi Diamonds 💎  ,

සුබ නත්තලක් වේවා...❤️🥂🌿

නත්තලට මගෙන් අලුත් එකක්..
කොහොමද කියලා ඔයාලම කියන්න...හිමින් හිමින් අප්ඩේට් දෙන්නම්...😌

පරිස්සමෙන් ඉන්න හැමෝම..

Dream_Yo 🦋
2023 / 12 / 25

Hey Baby | VHOPE BL Sinhala Where stories live. Discover now