7 කොටස

60 10 1
                                    

"ඔව්...ඔයා දන්නෙ එච්චරයි ....මට හරියට රිදෙනවා ඔය කතා කරන විදියට ඔයාට බැරි මා එක්ක හොදින් ඉන්න විතරයි...අනික් හැමෝම එක්ක හොදින් ඉන්නවා...අනික් අයට මැණික සුදු ගානව..මට  උබ බන් බොලන් ගානව...මගේ කට කඩන්නයි මට සැර කරන්නයි විතරයි ඔයා දන්නේ..."

එහෙම කියපු සනූ මගේ පපුවට ගහගෙන ගහගෙන ගියේ මටත් නොරිදී...ඒත් මගේ හිතට රිදෙන විදියට....

ඒ බෝල ඇස් වලට ආය කදුලු පිරෙද්දි මගේ හිතට වේදනාවක් දැනුනේ හරිම ඉක්මනට...

මෙච්චර වෙලා සනූව බිත්තියට හිරකරන් හිටිය මන් එයාගෙන් අයින් උනේ....මගේ වැරැද්දට මටම තරවටු කරගන්න ගමන්...ඉක්මනට මගේ අත හයියෙන් අල්ලගත්ත සනූ මගේ අත දෙවෙනි වතාවටත් බිත්තියට ගහගන්න එක නතර කෙරුවේ ඇස් දෙකේ කදුලු පුරෝගෙනමයි....

අපි දෙන්නම තත්පර කීපයක්  ඒ විදියට හිටියත් මගේ අතට එහෙම ඉන්න බැරි උනා..එක අතකින් සනූගෙ ඉන අල්ලගත්ත මන් අනික් අතින් සනූගෙ කදුලු පිහිදලා හිමීට තොල් වලට අත අරන් ඇවිත් සීරුමාරුවට ඒ තොල් ස්පර්ශ කරන්න ගත්තේ මටත් නොදැනීමයි...සනූ හිමීට ඇස් පියාගන්නකොට මන් හිමීට ඒ තොල් වලට ළන් උනේ හරියට නිකම් ඒ තොල්වලට ආකර්ෂණය වෙලා වගේ...

ඒත් ඒ වෙලාවෙම චූටිගේ සද්දෙ ඇහුන නිසා මන් ඉක්මනට පියවි සිහියට ආවත් සනු නම් භාවනාවකට සම වැදිලා නොසෙල්වී ඇස් පියාගෙනම හිටියා...ඒ මොහොතේ එයා දිහාම බලන් ඉන්න හිතුනත් නැන්දා අපිව මේ විදියට ලන්වෙලා ඉන්නව දැක්කොත් හොද නැති නිසා ඉක්මනට සනූගේ අත කෙනිත්තුවේ සනූවත් පියවි සිහියට ගන්න හිතන්...

ඒ එක්කම ඒ බෝල ඇස් උඩ යවලා මට රැව්ව විදියට ඒ මූණ මට කන්න හිතුනා...ඒත් මන් මාව පාලනය කරගත්තේ...DON't CROSS THE LINE කියන වාක්‍ය මතක් කරලා...

නැන්දා ඇවිත් කතා කරනකොට සනූ දුවලා ගිහින් දොර ඇරියත් එක්කම නැන්දා ගෙට එනකොට මන් පුටුසෙටියට වෙලා වාඩිවෙලත් ඉවරයි...

"අහ්...දේශි පුතේ...ඔයාත් ඉන්නවද...

"අනේ ඔව් නැන්දේ නිකමට මේ පැත්තට ආවා..දොර වහල තිව්නම යන්න හදනකොට සනූ මාව දැකලා දොර ඇරියා ඉතින් මන් ආය ගියේ නැතුව නැවතුනා සනූත් තනියම අනික මට වෙන වැඩකුත් නැති නිසා කතා කර කරවත් ඉන්නව කියල හිතන්...

"අනේ ඒක හොදයි පුතේ ...මාත් මෙ හිතේ බයේ බයේ ආවේ මේ ළමයා තනියම නිසා...

"ම්ම්ම්..නැන්දා ආව එකේ ඒනම් නැන්දේ මන් දැන් යන්නම්... වොශ් එකක්වත් දාගන්න ඕන නැන්දේ...හරි මහන්සි ඇගට අද කම්පැනිය පැත්තෙත් ගිහිම් ආවෙ නැන්දෙ..

"හරි හරි පුතේ ඒනම්...ගිහිම් එන්නකෝ...

"ගිහිම් එන්නම් නැන්දේ , ගිහිම් එන්න්ම් චූටි...ගිහිම් එන්නම් සුදු නෝනා...😁...

sanu'pov
  හිනාවෙන්න එපා යකූ...රවහන්...රවහන්..වැඩිය වැඩිය බුරුල පෙන්නුවොත් ආය උබව ගනන් ගන්නෑ ඔය නපුරි...

deshi's pov

සුදු නෝනා කිව්වම..මේකිගෙ හිනාව එපෑ බලන්න..කන්න හිතෙනව යකූ මට උබව...

සනූව බලාගෙනම ගෙදරට ආව මන් ඇදට වැටුනේ සනූ ලගදි ඇයි මට මාව පාලනය කරගන්න අමාරු කියලා හිතන ගමන්...
සනූට මන් ළන් වෙන එක ඒත් වැරදියි කියල මගේ හිත කියන්න ගත්තා...ඉමානි නැන්දා දැනගත්තොත්..........

අනේ මන්දා...ඒත් ඇස් පියාගන්නකොටම සනූගෙ බෝල ඇස් ඒ තොල් මැවි මැවී පේන්න ගන්නවා...
මට මාවම නැති වෙලා වගේ.....

sanu'pov

දෙයියනේ ඒ මොකක්ද මට උනෙ...එයා මට ළන් වෙනකොට මගේ හදවත ගැහෙන්න ගත්ත වේගේ...එයා මගේ මූණට ලන් උන විදිය මට හීනයක් වගේ දෙයියනේ මේක..මට මේක තමා හැමදාමත් ඕන උනේ....එයා ලගට වෙලා එයා එක්ක ඉන්න එක....ඒත් ඇත්තටම එයාගෙ හිතේ මට තැනක් තියෙනවද නැද්ද කියල හරියටම මන් දන්නෑනේ...

එයා මට ආදරේ කියයිද නැද්ද...එයා මන් ගැන හිතනවද නැද්ද ...මට මේ හැමදේම හරිම වදයක් හිතට...🥺💔...


𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now