11 කොටස

63 8 1
                                    

සනූව නාවලා ...ආයමත් කාමරෙන් ගෙනත් තිව්ව මන් සනූගෙ ඇදුම් ආයම සනූට ඇන්දෙව්වේ....සනූගේ ඇස් දිහා බලාගෙනමයි...

අපි අම්මිට කියමු නේද...

ම්ම්ම්...කියමු...අනිවාර්යයෙන් ....අම්මා මොන කිව්වත් මන් ඔයා එක්ක හැමදාමත් ඉන්නව අන්න ඒක හොදට මතක තියාගන්න තේරුණාද....

දැන් එන්නකෝ මාත් එක්ක අපේ ගෙදරට දවල්ට කන්න යන්න...

"ම්ම්ම්......හරි හරි හරි මන් එන්නම්..දැන් නැගිටින්නකෝ ඉතිම් ..."

"ම්ම්...සුට්ටක් බඩ සිදෙනව අප්පා...ඔයාට බැයිද මාව පහල ගේට් එක ලගට යනකම් උස්සන් යන්න"

"මගේ මැනිකව මන් වඩාගෙන යන්නම් එන්නකෝ😍"

වෙනදා මාත් එක්ක පැටලෙන්නම බලන් හිටිය සනූ දැන් දැන් මා එක්ක හුරතල් වෙන්න අරන්...මන් ඔය බලෙන් හුරතල් වෙන ගෑනු ළමයින්ට චුට්ටක්වත් ආස නැති උනත් සනූගේ හුරතලේ ඒක රගපෑමක් කියන්න බැරි තරම්...චූටි බෝල ඇස් කරකව කරකව මගේ ඇස් එක්කම නිතරම ගැටෙමින් නිරායාසයෙන් එන සනූගේ හුරතලේට ඒ වචන වලට පවා මන් පට්ට ආස වෙලා....

හිමීට සනුවත් අරන් එයාලයි ගෙදරට ගියේ ඉමානි නැන්දා සනූ දවල්ට කන්න එනකම් බලාගෙන ඉන්න නිසා....හිමීට සනූව එක්ක ගිහිම් කෑම මේසේ සනූ වාඩිඋනේ මන් ලගින්මයි...

කෑම එකක් මට බෙදා දීලා වතුර එකක් ලගට දීලා එයාට බත් බෙදාගන්න හැටි ඉමානි නැන්දා වගේම මාත් බලන් හිටියෙ හරිම ආසාවෙන්...කට්ටියම බත් කාලා ඉවර වෙලා අත හෝදන් ආයම සාලෙට ආවේ ලොකූ සාකච්ඡාවක් කරන්න තියෙනව වගේ...

සනු කාමරේට ගිහිම් එන්නම් කියල ගියත් එක්කම චූටිත් ඒ පස්සෙන් ගිය නිසා මායි ඉමානි නැන්දයි විතරක් සාලේ තනි උනා...වෙනදා නැති අමුතු බයක් එක්ක ආව ගරුසරු කමකින් නැන්දා එක්ක කතා කරනකොට අනිවාර්යයෙන් නැන්දට අමුත්තක් දැනෙන්න ඇති...මන් හිමීට පුටුසෙටියෙන් නැගිටල නැන්දා ලගට ගියේ ඇයි කියන්න මන්වත් දන්නෑ...නැන්දා ලගට ගිහිම් නැන්දාගෙ උකුලේ ඔලුව තියාගත්ත මන්...

"මගේ අතින් නැන්දට ඉස්සරහට වැරැද්දක් සිද්ධ උනොත් මට සමාවෙන්න නැන්දේ...මාව තේරුම් අරන් මට සමාව දෙන්න නැන්දේ..."

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now