14 කොටස

56 9 1
                                    

කාලෙකට පස්සෙ කම්පැනියට යන නිසා උදෙන්ම නැගිටල ලෑස්ති උනේ ඉදලා ඉදලා යන දවසෙම පරක්කු වෙලා යන්න බැරි නිසා...මොකද මගේ සේවක පිරිසට මන් වැරදි ආදර්ශ දෙම්න හොද නෑනේ.....

උදෙන්ම ගිහිල්ලා පිලිවෙලට දවසෙ වැඩ ටික කම්ප්ලීට් කරාම සේවක පිරිස උනත් අපි ගැන පැහැදෙනවනෙ ඉතිම් ....අනික එයාලා උනත් හොදට පිලිවෙලට එතකොට වැඩක් පලක් කරන්න පුරුදු වෙනව....මට හැමදාම ඕන උනෙත් ඒක පිලිවෙලට වැඩ කරන එක..කොහොමින් කොහොම හරි ඇදුමක් දාගත්ත මන් company එකට යන්න කියල වාහනේ ලගට ගිහිම් ආපහු හැරිලා සනූට මන් යනව කියල යනවද නැද්ද කියල හිත හිත ඉන්නකොටම ධනුකගෙන් කෝල් එකක් ආවේ අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ කටයුතු ටික ගැන පොඩ්ඩක් බලන්න ඉක්මනට එන්න කියලා...ඒ නිසා ආපහු හැරිලා සනූව බලන්න නොගිහින් කාර් එකට නැග්ගෙ company එකට ගිහිම්ම සනූට කෝල් එකක් දීලා කතා කරනව කියල හිතන්....

එහෙමම 7.50 වෙනකොට කම්පැනියට ආව මන් ධනුකව හම්බෙන්න ගියේ project එකේ මන් බලාපොරොත්තු වෙන සාධනීය මට්ටමක් දැනට තියෙනව ද කියල බලන්න හිතාගෙන..

"මැඩම්, GOOD MORNING "

Good morning ධනුක

"මැඩම් දැනට නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපේ වැඩේ නියමෙටම කරගෙන යනව කට්ටිය..."

"දැනට කිසිම ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක්නේ ධනුක...මොකෝ අපේ වික්ටර් මහත්මය ඒම කෝල් එකක්වත් දුන්නෙ නැතෙයි අපේ වැඩේ නීතී උල්ලංඝණය කිරීමක් කියල කියන්නවත්.."
එහෙම කියල මායි ධනුකයි දෙන්නම හිනා උනේ වික්ටර් කියන්නෙ මහ අජූත මූසල ව්‍යාපාරික මහත්මයෙක් නිසා ඇත්ත වසයෙන්ම ඔහු ආත්මාර්ථකාමී තිරිසනෙක් කිව්වත් හරි...ඌ තරම් ජරා ව්‍යාපාරිකයෙක් මට හම්බවෙලාම නැහැ..හම්බෙන්න විදියකුත් නෑ ඉතිම් මොකද මන් සෑහෙන්න කල් ඉදන් ලන්කාවේ හිටියා කියලයෑ..ඕසි වල කැතී එක්ක කැතීගේ කම්පැනියේ වැඩකරනකොට මට ඒම තරගකාරි ව්‍යාපාරිකයෝ හම්බ උනත් වික්ටර් වගේ අජූත තිරිසන් ව්‍යාපාරිකයෙක්නම් හම්බවෙලාම නැහැ...වික්ටර් කියන්නෙ මන් මේ ෆීල්ඩ් එකට ආව මුල්ම කාලේ එක එක උප්පරවැට්ටි වලින් මාව වට්ටන්න හදපු මිනිහෙක් ...මට මිනිහව එපාම උනේ මිනිහා දවසක් හොදටම බීලා ඇවිත්  කම්පැනියේ මීටින් එකක් වෙලාවේ කරපු කලබලේ නිසා...එතනින් පස්සෙ විටින් විටින් ඇවිත් එක එක විකාර ඒ මිනිහා කරත් මාත් අපේ කම්පැනියේ සේවක පිරිසත් ඒ ගැන ගානකටවත් නොගත්තේ මිනිහව ට්ක ටික තේරුම් ගියපු නිසා....

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now