33

797 171 92
                                    

ජන්ග්කුක්ගේ කුටිය ඉදිරිපිට දොරට කන් තියාගෙන තානායමේ අනෙක් කුටිවල ඉන්න ඕපදූපම හොයන මිතුරියන් පිරිසක් ඇතුළින් ඇහෙන ශබ්ද වලට කන්දීගෙන හිටියා.

"කව්ද ඒ ජන්වුන් එක්ක ආවේ?"

"මං හිතන්නෙ අගනුවර ඉඳන් ආපු එයාගෙ මිතුරියක්."

"ඇත්තටම ඇයි ජන්වුන් අගනුවර ඉඳන් මෙහෙ ආවේ?"

රහසින් කතා කරමින් දොර ගාව ඕපදූප හොයන කෙල්ලන්ට පිටුපසින් තානායමේ අයිතිකාරිය අත් දෙකත් ඉනට බැඳගෙන කළකිරීමෙන් බලා හිඳියා. ඊළඟට එයා හොඳ ටොකු ටිකක් කෙල්ලන්ගෙ ඔලුවලට ඇන්නේ එයාලා කෑගහද්දි.

"ආව්වා!!"

"ඕපදූප හොයන්නෙ නැතුව ගිහින් තම තමන්ගෙ වැඩක් බලාගත්තොත් හොඳ නැද්ද?" එයා සැරෙන් කිව්වම කෙල්ලො ටික මූන හකුළන් එතනින් යන දිහා තානායමේ අයිතිකාරිය කළකිරීමෙන් බලා හිඳලා ඊළඟට ජන්ග්කුක්ගේ කුටියටත් බැල්මක් හෙළලා එතනින් පිටවුනා.

මේ අතරේ ජන්ග්කුක්ගේ කුටිය තුළ වාතාවරණය එතරම් හොඳ තත්ත්වයක තිබුනේ නෑ.

මින්ජි එයාට කිව්ව දීර්ඝ කතාව විශ්වාස කරගන්න බැරුව ජන්ග්කුක් කම්පනයෙන් ඇස් වල කඳුලු පුරවන් හිටියා.

එයාට වස දීමේ ඇසින් දුටු සාක්ෂිකාරියක් වෙන මුළුතැන්ගෙයි සේවිකාව යොන්හාව අභිරහස් ලෙස ඝාතනය කරලා. ඊටපස්සෙ නාදුනන පිරිසක් මින්ජිවත් මරන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මින්ජි මාළිගයෙන් පලා ඇවිත්. කටින් නොකිව්වත් මේ මොහොතේ දෙදෙනාම දන්නවා මෙවන් කුරිරු ක්‍රියාවක් කලේ අගබිසව බව.

ජන්ග්කුක්ගේ කටින් සිහින් ඉකියක් පිටවුනා. එයා නිසා අහිංසක ජීවිතයක් නැති වෙලා මදිවට එයාගෙ හොඳම මිතුරියගෙ ජීවිතය දැන් අනතුරේ.

පුළුවන් තරම් එයාව සන්සුන් කරගන්න උත්සාහ කරමින් ජන්ග්කුක් බැලුවෙ මින්ජි දිහා. මේ දෙමසට තැන තැන ඇවිදිමින් මින්ජි හොඳටම දුක් විඳලා. එයාගෙ මුළු කතාවම ගුකීට කියලා දුක පිටකරගෙන දැන් සිහින් ඉකිපිටකරමින් ඉන්න මින්ජිව දැක්කම ජන්ග්කුක්ගේ හදවත වේදනාවෙන් රිදුම් දුන්නා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now