34

825 184 85
                                    

"ම්-මොකද්ද ඔයා ද්-දැන් කිව්වෙ?" ජන්ග්කුක් විශ්වාස කරගත නොහැකිව ඇහුවේ යුන්ජිගෙන්. ගැබිණි ඔමේගා තරුණියව රඳවා ඉන්න කුටිය ඉදිරිපිටදි යුන්ජි කිව්ව කතාව ජන්ග්කුක්ට අදහා ගන්න බැරුව හිටියා.

"හේසොගෙ කුසේ වැඩෙන්නෙ දෙමුහුම් ජීවියෙක් ජන්වුන්. එ-එයාගෙ මේට් වැම්පයර්වරයෙක්."

යුන්ජි කිව්වම ජන්ග්කුක් තවම කම්පනයෙන් එයා දිහා බලා හිඳියා.

"අ-අනේ කරුණාකරලා මේක රහසක් විදිහට තියාගන්න. ඒකයි හේසොව රෝහලට අරන් යන්න බැරි. පැටියා ඉපදුනාම උන් මරාවි."

"ඒත් එයාගෙ ඔම්මාට ඕනෙත් එයා මැරෙනවා බලන්න නේද? ඒකනෙ එයා දිවි නසාගන්න හැදුවෙ?"

ජන්ග්කුක් ටිකක් කේන්තියෙන් ඇහුවම යුන්ජි ගොළු වුනා.

"ව-වරදවා වටහා ගන්න එපා ජන්වුන්, එ-එයාට ඕන එයාගෙ පැටියා කරදරයකින් තොරව ජීවත් වෙනවා දකින්න. ඒත් ඉපදුනොත් ඒ පැටියට විඳින්න වෙන වේදනාව ගැන හිතලා එයා එයාගෙම ජීවතයත් එක්ක පැටියගෙ ජීවිතේ ගන්න උත්සාහ කරා."

යුන්ජි කියද්දි ජන්ග්කුක් අපහසුවෙන් කෙළ ගිලලා බිම බලාගත්‍තා. යුන්ජිගෙ කතාවෙ ඇති වරද මොකද්ද? දෙමුහුම් ජීවියෙක්ව ඉපිද එයා විඳින වේදනාවන් ඊට හොඳම උදාහරණ.

යුන්ජි ගිය පසු ජන්ග්කුක් හිමින් කුටියෙ දොර ඇර ඇතුළට ගියා. එයා දැක්කා සැරෙන් සැරේ දැනෙන විළිරුදා වේදනාවට ඔමේගා කෙඳිරිගාමින් ඉන්න විදිහ.

ජන්ග්කුක් එයාගෙ අතේ තිබුනු ඖෂධ බඳුන මේසෙ මතින් තැබුවා.

"රාත්‍රියෙදි පැටියා බිහි වේවි, විශ්වාසද තනියම පුළුවන් කියලා?"

ජන්ග්කුක් හිමින් ඇහුවත් හේසො කිසිවක් කිව්වෙ නෑ. එයාට උවමනාවක් නෑ පැටියව බිහි කරන්න.

ජන්ග්කුක් ජනේලේ ගාවට ගිහින් පිටත බලාගෙන කල්පනා ලොවක නිමග්න වුනා.

"දෙමුහුම් ජීවීන් ඉපදුනොත් දුක් විඳිනවා තමා හේසො, ඒත් ඔයාට බෑ ඒ නිසා ඔයාගෙ පැටියව විනාශ කරන්න."

"මං නොකළත් වෙන කවුරුන් හෝ ඒක කරනවා! ඊටවඩා හොඳයි එයා එක්කම ඊටකලින් මං මියයන එක!"

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Onde histórias criam vida. Descubra agora