35

878 182 95
                                    

මසකට පසු

ජන්ග්කුක්ගේ මළානික නෙත් ජනේලයෙන් පිටතට යොමු වී තිබුනා. ගෙවෙන හැම උදෑසනක්ම ජන්ග්කුක් ආරම්භ කලේ මේ විදිහට. දෙමසකින් එයාලා ළඟට එනවා කිව්ව එයාගෙ ඇල්ෆා තෙමසකටත් වඩා ගත වී ඇති මොහොතක තවම පැමිණ නෑ.

හූල්ලමින් තවත් ටික වෙලාවක් ඒ විදිහට ඉඳපු ජන්ග්කුක් දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න සූදානම් වුනේ ලොකු හුස්මක් හෙළමින්.

කිළුටු රෙදි සියල්ලම සෝදා දමලා මුළු කුටියම අස් කරලා එයත් පිරිසිදු වෙලා අවන්හලට ගිහින් මින්ජි සකස් කර තිබූ ආහාරත් ගෙන ජන්ග්කුක් වෛද්‍ය මධ්‍යස්ථානයට පිටත් වෙන්න සූදානම් වුනා.

"ටිකක් ඉන්න ගුකී!"

ජන්ග්කුක් තානයමෙනුත් එළියට බැස්සම මින්ජි එයාව නැවැත්තුවා.

"කෝ ඉක්මනට ඔය ටික ගේන්නකො ජේහියුක්!!"

මින්ජි තානයම දිහා බලන් කෑගැහුවම ඊළඟට ඇතුලෙ ඉඳන් ජේහියුක් ආවේ පළතුරු මල්ලකුත් අරගෙන.

"මොකද පරක්කු ආ? ගුකීට බලන් ඉන්නත් උනා." මින්ජි මූන හකුළන් කිව්වේ වැම්පයර්ට.

"හරි ඉතින්, මට මේ ටික කඩන්න සෑහෙන්න වෙලාවක් ගියා."

ජේහියුක් අකමැත්තෙන් කියමින් එළියට බැස්සත් අව්වට නිරාවරණය වුන නිසා එයාගෙ සුදුමැලි සම පිළිසුන්නා.

"ආව්! ස්ස්!!"

ජේහියුක් කෑගැහුවත් ඊළඟට මින්ජි ක්ෂණිකයෙන් ජේහියුක්ගේ එක් අතක තිබූ ලෝගුව අරගෙන එයාව වැහෙන්නම පෙරෙව්වේ ජේහියුක්ටත් හොඳටම බනිමින්.

"මේක තියෙන්නෙ අතේ තියන් ඉන්න නෙමෙයි ඔලුවෙ ඉඳන්ම පොරවගන්න."

මින්ජි කියද්දි මේ කෝළම් සේරම දිහා බලන් හිටපු ජන්ග්කුක්ට නම් හිනා. හේතුවක් නොදන්නවා වුනත් මේ ගෙවුනු මාසයේම ජේහියුක් තානයමේ නැවතී හිටියා. වැම්පයර් කෙනෙක් වුනත් කාටවත් හානියක් නොකරන නිසා අවට ගම්වැසියන් ජේහියුක්ට විරුද්ධව හිටියෙ නෑ.

"හරි, මම එයාව ඇරලවලා එන්නම්."

ජේහියුක් කියලා පළතුරු මල්ලත් අරගෙන ජන්ග්කුක් එක්ක තානායමෙන් පිටවුනා. ජන්ග්කුක් යන්න කලින් හිනාවෙමින් මින්ජිට අත වැනුවා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now