36

874 190 80
                                    

දින දෙකකට පසු

අධිරජුව නැවත අන්දොන් ප්‍රාන්තයේ ජන්ග්කුක් නවාතැන් ගෙන ඉන්න තානායමට රැගෙන එන්න වරුවකටත් අධික කාලයක් ගත වී තිබුනා.

කුසේ ඉන්න පැටව් ගැනත් හිතලා ජන්ග්කුක් කඩින් කඩ විවේක අරන් ඒ මොහොතෙ ඉඳන් වෙහෙස වුනේ අධිරජුට ප්‍රතිකාර කරන්න.

යුද්ධයෙන් ආපහු එයාගෙ සෙබළ ඇල්ෆා ඇවිත් කියලා දැනගත් අවට පිරිස පවා ජන්ග්කුක්ට එයාගෙ ඇල්ෆාව සුව කරන්න ලොකු උපකාරයන් කලා. ජන්ග්කුක් ගැන හිතනවටත් වඩා එයාලා දුටුව ඒ ප්‍රතාපවත් ශරීරයක් හිමි ගාම්භීර කඩවසම් සෙබළාට ප්‍රතිකාර කිරීම ලොකු ආඩම්බරයක් නිසා විශේෂයෙන් ඔමේගා කෙල්ලො ජන්ග්කුක්ට ගොඩක් උදව් කලා.

ජන්ග්කුක්ට ඒ ගැන ගානක් තිබුනෙ නෑ, එයා හිටියෙ කියාගන්න බැරි සතුටකින්.

දැනුත් එයා එයාගෙ බරැති සිරුර දරාගෙන කැලෑ පීරමින් කකුල් ඉදිමෙනකන්ම එයාගෙ ඇල්ෆාට අවශ්‍ය ඖෂධ සොයමින් වෙහෙසෙමින් හිටියා.

"ඔහ් මේ ඉන්නෙ ඔයා!"

සතුටින් කෑගැහුව ජන්ග්කුක් ප්‍රවේසමෙන් කුසට අත තියාගෙන බිමට නැමී මෙතරම් වෙලා හොයමින් හිටපු ඒ ඖෂධ පැළෑටිය උදුර ගත්තා.

"ඒක හම්බුනා!!"

එයා එයාගෙ ප්‍රීතිමත් බනී හිනාවෙන් හිනාවෙමින් පැළෑටිය අවකාශයේ වනන්න ගත්තේ සතුටින් කෑගහමින්.

ඒත් ඊළඟට තමා එයාට මතක් වුනේ දැන් එතනින් නැගිටගන්නෙ කොහොමද කියලා. වාසනාවට ජන්ග්කුක්ගේ කෑගැහීමෙන් එතනට මින්ජි ඇවිත් හිටියා.

එයා ජන්ග්කුක්ව පරිස්සමින් නැගිට්ටවලා අසල තිබූ ගලක වාඩි කෙරෙව්වේ මිතුරා කියලා නොබලා බනිමින්.

"කිව්වා නේද ඔච්චර මහන්සි වෙන්න එපා කියලා ආ? කලින් වතාවෙ වුන දේ මතක නැද්ද? බලන්න හොඳටම කකුලුත් ඉදිමිලා."

මින්ජි කියලා එතනින් බිම වාඩි වුනේ ජන්ග්කුක්ගේ කකුල් පරික්ෂා කරමින්.

"ආ~ ඒ මං එක දිගට මහන්සි වුන නිසානෙ නහයෙන් රුධිරය ගැලුවෙ. දැන් මං එච්චර මහන්සි වෙන්නෙ නෑනේ~ මින්ජි ඕක නවත්‍තන්න මං හොඳින්."

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now